වුඩී වුඩ්පෙකර්

2018 වසරේ පළවෙනි බ්ලොග් සටහනත් අරගෙන බර්ටියා ආවා ඉතින්. මේ පාර බර්ටියා කතා කරන්න යන්නේ කරදරකාරී, පිස්සු හැදිච්ච යක්ෂාවේස වෙච්ච කොට්ටෝරුවෙක් ගැන. දන්නවද මේ කියන්න යන්නේ කවුරු ගැනද කියලා? මේ කියන්න යන්නේ වුඩී වුඩ්පෙකර් (Woody Woodpecker) ගැන.

Woody Woodpecker

වුඩී වුඩ්පෙකර් (Woody Woodpecker) යනු ලොව පුරා කාටුන්ලෝලීන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වු කාටූන් චරිතයකි. වෝල්ටර් ලෑන්ට්ස් (Walter Lantz) හා බෙන් හාඩ්වේ (Ben Hardaway) අතින් නිර්මාණය වී වර්ෂ 1940 දී Knock Knock යන ඇමරිකානු කෙටි කාටූන් චිත්‍රපටය හරහා කරළියට පැමිණි මෙම කරදරකාරී කොට්ටෝරුවාට එ සැනින්ම ප්‍රේක්ෂක අවධානය මෙන්ම ආදරයද දිනාගැනීමට හැකි විය. අැමෙරිකානු සජීවීකරණ සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 1928 සිට 1969 දක්වා අතර තුර දී මෙම කෙටි චිත්‍රපටි පෙළ නිෂ්පාදනය කරන ලද්දේ වොල්ටර් ලෑන්ට්ස් සජීවීකරණ චිත්‍රාගාරය (Walter Lantz animation studio) ආයතනය වන අතර බෙදා හැරීම් කටයුතු සිදුකරන ලද්දේ යුනිවර්සල් ෆික්චර්ස් (Universal Pictures) ආයතනය හරහාය. වුඩී චිත්‍රපට පෙළ අයත් වන්නේ screwball (Screwball comedy is a genre of comedy film) නම් වු විකට විත්‍රපට කාණ්ඩයටයි. ජාතික රූපවාහිනිය විසින් වුඩී වුඩ්පෙකර් කෙටි චිත්‍රපට මාලාවේ කොටස් කීපයක් සිංහලෙන් හඩ කවා විකාශය කළ බව කාටුන් වලට කැමැත්තක් දක්වන අයට මතක ඇති.

වොල්ටර් ලැන්ට්ස් (Walter Benjamin Lantz - 27 අප්‍රේල් 1899 සිට 22 මාර්තු 1994 දක්වා) යනු ඇමෙරිකානු කාටූන් චරිත නිර්මාපකයෙකි. මීට අමතරව ඔහු සජීවීකරණ ශිල්පියෙක් මෙන් ම චිත්‍රපට නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙක් ද වෙනවා. 1944 මෙම කාටුන් චරිතය බිහිවන්නේ අහඹු සිදුවීමක් නිසයි. වර්ෂ 1940 දී වොල්ටර් සිය බිරිඳ වන ග්‍රේස් සමඟ කැලිෆොර්නියාවේ ලේක් ෂර්වුඩ් වලට සිය මධුසමය ගත කරන්නට යනවා. එවකට එය කෑලෑ බද ප්‍රදේශයක්. මධුසමය ගත කිරීමට එහි වු දැවයෙන් නිර්මාණය කරන ලද කුටියක් තෝරා ගන්නා ඔවුන් දෙපලට මූණ පාන්නට වුයේ බලාපොරොත්තු නොවු අකරතැබ්බයකටයි.

Walter Lantz in 1990

ඇක්‍රොන් නම් විශේෂයට අයත් වන කරච්චල්කාරී කොට්ටෝරුවෙක් නිසා මේ දෙපලට සිදුවන්නේ රාත්‍රී කාලය නිදි නොමැතිව ගත කිරීමටයි. මේ ප්‍රශ්නය තව දුරටත් උග්‍ර වන්නේ ඒ ප්‍රදේශයට තද වැසි ඇද හැලීමට පටන් ගැනීමෙන් අනතුරුවයි. කොට්ටෝරුවා ලී වලින් තැනූ මෙම නිවසේ වහලය පුරාම හිල් සාදා තිබීම මෙයට හේතුවයි. වොල්ටර් මෙම කරදරකාරී කොට්ටෝරුවාට වෙඩි තැබීමට තීරණයකළත් ග්‍රේස් තම සැමියාට පවසා සිටින්නේ මෙම කරදරකාරී කොට්ටොරුවා යොදාගෙන කාටූන් චරිතයක් නිර්මාණය කරන ලෙසයි. මෙහි අවසාන ප්‍රථිවලය වන්නේ අද අප දකින නිල් හා රතු පැහැති වුඩී වුඩ්පෙකර් නම් කොට්ටෝරුවායි.

ඇත්තටම මේ කොට්ටෝරුවා ඇක්‍රොන් (The acorn woodpecker (Melanerpes formicivorus) is a medium-sized woodpecker) විශේෂයේ කොට්ටෝරුවෙක්ගේ හා පිලීයේටඩ් (The pileated woodpecker (Dryocopus pileatus) is a large woodpecker native to North America) විශේෂයේ කොට්ටෝරුවාගෙත් සම්මිශ්‍රණයකි. වුඩීගේ ලාක්ෂණික සිනහව නිර්මාණය කිරීමට යොදා ගන්නා ලද්දෙත් මෙම පිලීයේටඩ් වර්ගයට අයත් වන කොට්ටෝරුවා විසින් නගන හඩයි.

Woody Woodpecker and Andy Panda

වර්ෂ 1940 නොවැම්බර් මස 25 වන දින Knock Knock කෙටි කාටූන් චිත්‍රපටය හරහා වුඩී රිදී තිරයට එන්නේ එවකටත් ජනප්‍රියව තිබූ කාටූන් චරිත දෙකක් වන ඇන්ඩි පැන්ඩා (Andy Panda) හා ඇන්ඩි පැන්ඩාගේ පියා වන පාපා පැන්ඩා (Papa Panda) යන කාටූන් චරිත දෙකත් සමඟයි. නමුත් සුපුරුදු කාටූන් චරිත දෙක පරදවා ප්‍රේක්ෂකයාගේ සිත් සොරා ගැනීමට වුඩී සමත් වන්නේ නිතැතින්මයි. වුඩී මෙම පැන්ඩා වලසුන් දෙදෙනාට කොතරම් කරදරයක් වනවාද කියතොත් වලසුන් දෙදෙනා මෙම කොට්ටෝරුවා අල්ලා මානසික රෝහලකට යවන්නට තීරණය කරනවා. මෙම සැලැස්ම සාර්ථක වී වුඩීට මානසික රෝහලට යන්න සිදු වුවත් එහි ගෙනයාමට පෙර වුඩී කරන්නේ මෙම වලසුන් දෙදෙනාට තමාටත් වඩා පිස්සු බව ඔප්පු කිරීමයි.

මේ පිස්සු කොට්ටෝරුවාට මුලින්ම හඩ මුසු කරන්නේ මේල් බ්ලැන්ක් (Mel Blanc) නම් ශිල්පියායි. ඊට පසුව විවිධ ශිල්පීන් මෙම චරිතයට හඩ කැවීම සිදුකරන ලද අතර වොල්ටර්ගේ බිරිඳ වන ග්‍රෙස් ද මෙම චරිතයට හඩ මුසු කිරීම කැපී පෙනෙන සිදුවීමක්. කෙටි චිත්‍රපට රාශීයක් මෙන්ම වීඩියෝ ක්‍රීඩා දහයකට පමණ දායක වු මෙම කොට්ටෝරුවාගේ අළුත්ම වික්‍රමයන් ඇතුලත් වන්නේ 2017 වර්ෂයේදී නිර්මාණය කර එම වර්ෂයේම ඔක්තොබර් මස 25 දින බ්‍රසීලයේ තිරගත කරන ලද වුඩී වුඩ්පෙකර් නම් චිත්‍රපටයයි. මෙහි දී වුඩී රංගනයට එක් වන්නේ Timothy Omundson (as Lance Walters), Graham Verchere (as Tommy Walters), Thaila Ayala (as Vanessa), Jordana Largy (as a park ranger Samantha Bartlett) හා Chelsea Miller (as Jill Ferguson) යන නළු නිළියන් සමඟයි. මෙම චිත්‍රපටයේ වුඩීගේ චරිතයට හඩ මුසු කරන්නේ එරික් බවුසා (Eric Bauza) නම් හඩ කැවීම් ශිල්පියායි. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම ආරම්භ වුයේ 2010 වර්ෂයේ වුවත් එය පසුව නවතා දැමුණි. අනතුරුව එහි වැඩ නැවත ආරම්භ වුයේ 2016 වර්ෂයේ ජූලි මසයි. මෙම චිත්‍රපටය 2018 අප්‍රේල් මස 01 දින සිට ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

Woody Woodpecker Production
Acorn Woodpecker
Pileated Woodpecker
Woodpecker HWoF Star
Woody Woodpecker 2017 Movie
Woody Woodpecker Title Card

1 comment:

Anonymous said...

Cartoon eka baluwata ada nee history eka dana gaththe, thank you ekata..hama kenek ma thamnta muna denna wena karadarakari awastha walata mee wage wisadum soyanawanam me wage adaraneeya charitha thawa bihi wewi ☺