Club 27

ගොඩක් කට්ටිය රොක් ඇන්ඩ් රෝල් සංගීතයට ප්‍රිය කරනවා. බර්ටියා අද බලාපොරොත්තු වෙන්නේ රොක් ඇන්ඩ් රෝල් සංගීතය ගැන කතා කරන්න නම් නෙමෙයි. බර්ටියා අද බලාපොරොත්තු වෙන්නේ රොක් සංගීතය හා සම්බන්ධ වෙච්ච අප්‍රකට සමාජයක් ගැන කතා කරන්න. ඒ තමයි 27 සමාජය. අැත්තටම මොකක්ද මේ 27 සමාජය කියන්නේ? බ්ලොග් සටහන කියවලාම බලන්නකෝ එතකොට තේරේවි 27 සමාජය කියන්නේ මොකක්ද කියලා. ඒකට 27 සමාජය කියලා නම දාපු හේතුවත් දැනගන්න ලැබෙයි මේ බ්ලොග් සටහන කියෙව්වොත්.

රොක් සංගීතඥයින් අකමැති අංකයක් තියෙනවා නම් ඒ තමයි අංක 27. අංක 27 එක්ක බැදෙන්නේ රොක් සංගීත ඉතිහාසය තුළ ඉතාමත් අකමැත්තෙන්, බොහොම කණගාටුවෙන් කතා කරන කාරණයක්. ඒ තමයි 27 සමාජය (The 27 Club or The Forever 27 Club). මේකට හේතුව තමයි රොක් සංගීතයේ දියුණුව උදෙසා ඉමහත් සේවයක් කරපු රොක් සලකුණු (Icons), තරු (Stars) එහෙමත් නැත්නම් පුරාවෘත්ත (Legends) දුසිම් තුනකට ආසන්න ගණනක් වයස අවුරුදු 27 දී කිසියම් අස්වාභාවික අයුරකින් හෝ භයානක විදිහට මරණයට පත්වීම. මෙහෙම මියගිය සංගීත තරු එකතු කරලා නිර්මාණය කරපු සමාජයක් තමයි 27 සමාජය කියන්නේ‍. 1892 වර්ෂයේ ඉදලා 2016 දක්වාම සැරෙන් සැරේ මේ සමාජයට සාමාජිකයන් එකතු වුනා. ඉස්සරහටත් එහෙම වේවි.

මේ සමාජයට අදාල පළවෙනි මරණය සිද්ධ වෙන්නේ 1892 වර්ෂයේදී. ඒ තමයි Alexadre Leavy කියන පියානෝ වාදකයගේ මරණය. මේ මරණයට හේතුව අද දක්වාම අභිරහසක්. මේ ගැන පළවෙනි පාරට කතාවක් ඇති වෙන්නේ 1969 - 1971 කාල වකවානුවේදී. මේ කාලය තුළදී Brian Jones, Jimi Hendrix, Janis Joplin සහ Jim Morrison මිය යනවා‍. මේ ඔක්කොම ජනප්‍රිය රොක් තරු. පුදුමයකට වගේ මේ හැම කෙනාම මියයන්නේ වයස අවුරුදු 27 දී. ඒත් මේ ගැන වැඩිපුරම කතා කරන්න හොයා බලන්න පටන් ගන්නේ Jim Morrison ගේ මරණයෙන් වසර 25 කට පමණ පසු සිදුවන Kurt Cobain ගේ මරණයත් සමඟ.

Kurt Cobain මරණයෙන් පසු ඔහුගේ මව වන Wendy Fradenbury Cobian O'Connor ඔහුගේ මරණය සම්බන්ධයෙන් පුවත්පතකට ප්‍රකාශ කළේ මෙවැනි දෙයක්. "ඔහු ගියා. ඔහු ගිහින් අර මෝඩ සමාජයට එකතු වුනා. මම කිව්වා ඔය මෝඩ සමාජයට එකතු වෙන්න එපා කියලා" ("Now he's gone and joined that stupid club. I told him not to join that stupid club"). මෙසේ කීමට හේතු වන්නේ Cobain ගේ මාමලා දෙන්නෙක් සහ සීයා කෙනෙක් මේ සමාජයේ සමාජිකයන් වීම බවයි මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. Kurt Cobain මේ සමාජයට එකතු වෙන්නේ කැමත්තෙන් කිව්වොත් තමයි නිවැරදි. ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගන්නවා.

මේ සමාජයේ සාමාජිකයින් ගැන පමණක් ලියවුනු චරිතාපදාන (Biography) කෘතියකුත් දක්කට ලැබෙනවා. ඒ තමයි The 27s: The Greatest Myth of Rock and Roll නම් කෘතිය. පිටු 312 කින් සමන්විත වන මෙම ග්‍රන්ථය රචනා කරන්නේ Jonathan Braun. එය 2008 වර්ෂයේ ඔක්තෝබර් මස 27 වෙනිදා ප්‍රකාශයට පත්වෙනවා. මෙහි අඩංගු වන්නේ රොක් ඇන්ඩ් රෝල් සංගීත ඉතිහාසය තුළ වයස අවුරුදු 27 දී මිය ගිය රොක් සංගීතඥයින් 34 දෙනෙක්ගේ ජීවන තොරතුරු හා ඔවුන් සම්බන්ධ පුරාවෘත්තයි.

Kurt Cobain මරණයෙන් අවුරුදු 17 කට පස්සේ ඒ කියන්නේ 2011 අවුරුද්දෙදී මේ 27 සමාජය ගැන නැවත කතිකාවක් ඇති වෙනවා. ඒ් 2011 වසරේදී සිදුවන Amy Winehouse ගේ මරණයත් සමඟ‍. ඇය ඇත්තට මේ 27 සමාජය ගැන බියෙන් පසුවු තැනැත්තියක්. ඇය ඒ ගැන ඇගේ මරණයට වසර 3කට පමණ පෙර ප්‍රකාශ කරලා තිබ්බා. වයස අවුරුදු 27 දී ඇය මියයන බව ඇගේ මනසේ හොල්මන් කළා. ඒක ඒ විදිහටම සිද්ධ වුනා. එමී මිය යන්නේ ඇල්කොහොල් විෂ වීමකින්. මේ සමාජය ගැන විධිමත් හා අවිධිමත් අධ්‍යනයන් කීපයක් සිදුකළත් ඒ එකකින් වත් වසය 27 හා මරණය අතර ඇති සම්බන්ධයක් හෙළිවුනේ නෑ.

කෙසේ නමුත් මේ සමාජය ගැන පසුගිය දවසක නැවත වරක් කතා බහක් ඇති වුනා. මෙවර එයට හේතු වුනේ දක්ෂ ගිටාර් වාදකයෙක්. ඒත් අපි ඔහුව දැනගෙන ඉන්නේ ගිටාර් වාදකයෙක් විදිහට නෙමෙයි ජනප්‍රිය නළුවෙක්‍ විදිහට. ඔහු Anton Yelchin. අපි ඔහුව දැනගන්නේ Star Trek නව චිත්‍රපට මාලාවේ Pavel Andreievich Chekov චරිතය නිරූපනය කළ නළුවා විදිහට. පසුගිය ජුනි මස 19 වන දින ඔහු අස්වාභාවික අයුරින් මරණයට පත්වෙනවා. ඔහු තමයි 27 සමාජයේ අළුත්ම සාමාජිකයා.

මේ සමාජය හා සම්බන්ධ සංගීතඥයින් කීප දෙනෙක් ගැන විස්තර පහත සටහන් වලින් දැනගන්න පුළුවන්.

Alexandre Levy
  වයස: අවුරුදු 27 දින 98
  මරණය සිදුවු දිනය: 1892 ජනවාරි 17
  මරණයට හේතුව: නොදනී

  බ්‍රසීලියානු ජාතික තනු නිර්මාපකයෙක් මෙන්ම පියානෝ වාදකයෙකි.
  27 සමාජයේ පළමු සාමාජිකයා ලෙස සලකයි.
Robert Johnson
  වයස: අවුරුදු 27 දින 100
  මරණය සිදුවු දිනය: 1938 අගෝස්තු 16
  මරණයට හේතුව: Strychnin නම් විෂ වර්ගය ශරීර ගත වීමෙන්.

  Blues ගායකයෙක් හා සංගීතඥයෙක්. රොබට්ගේ සංගීතය රොක්
  ඇන්ඩ් රෝල් සංගීතයේ හැඩගැස්මට අතිශයින් වැදගත් වු හේතු සාධකයක්.
Brian Jones
  වයස: අවුරුදු 27 දින 125
  මරණය සිදුවු දිනය: 1969 ජූලී 03
  මරණයට හේතුව: දියේ ගිලීම (මරණය පරීක්ෂන වාර්තාවේ සදහන්
‍   "death by misadventure" ලෙසයි).

  Rolling Stones සංගීත කණ්ඩායමේ නිර්මාපකයෙක්. දක්ෂ ගිටාර්
  වාදකයෙකි. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවුවෙක්.
Jimi Hendrix
  වයස: අවුරුදු 27 දින 295
  මරණය සිදුවු දිනය: 1970 සැප්තැම්බර් 18
  මරණයට හේතුව: වර්ග කීපයක නිදි පෙති අධික ලෙස භාවිතය
‍   කිරිමෙන් පසු ඇතිවු වමනය කිරීමේදි සිදුවු හුස්ම හිරවීමක්.

  ලොව එදා මෙදා තුර බිහිවු දක්ෂම ගිටාර් වාදකයා ලෙස සලකයි.
  දක්ෂ ගායකයෙකි.
Janis Joplin
  වයස: අවුරුදු 27 දින 258
  මරණය සිදුවු දිනය: 1970 ඔක්තෝබර් 04
  මරණයට හේතුව: අධික ලෙස මත්ද්‍රව්‍ය ශරීර ගතවීමක්.
‍   බොහෝ විට හෙරොයින් විය හැක.

  අතිශයින් ජනප්‍රිය ගායිකාවක් හා ගීත රචිකාවියක්.
  ආරම්භයේදී Bio Brother රොක් ඇන්ඩ් රෝල් සංගීත
  කාණ්ඩායමේ සාමාජිකාවක්.
Jim Morrison
  වයස: අවුරුදු 27 දින 207
  මරණය සිදුවු දිනය: 1971 ජූලි 03
  මරණයට හේතුව: හෘදය වස්තුව අක්‍රීය වීමකින්
‍   සිදුවු මරණයකි.

  ජනප්‍රිය ගායකයෙක් හා ගීත රචකයෙක්. the Door
  නම් සංගීත කාණ්ඩායමේ නායකත්වය දැරීය.
Linda Jones
  වයස: අවුරුදු 27 දින 91
  මරණය සිදුවු දිනය: 1972 මාර්තු 14
  මරණයට හේතුව: දියවැඩියා රෝගී තත්වය නිසා
‍   ඇතිවු සංකූලතාවයක්.

  ජනප්‍රිය ගායිකාවක් (Sour Singer).
Mia Zapata
  වයස: අවුරුදු 27 දින 316
  මරණය සිදුවු දිනය: 1993 ජූලි 07
  මරණයට හේතුව: දරුණු ලෙස පහර දී, දූෂණය කර
‍   ගෙල සිරකර මරා දමා ඇත.

  the Gits සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව.
Kurt Cobain
  වයස: අවුරුදු 27 දින 44
  මරණය සිදුවු දිනය: 1994 අප්‍රේල් 05
  මරණයට හේතුව: වෙඩි තබා ගැනීමකින් කරන්නා
‍   ලද සියදිවි හානි කරගැනීමක්.

  Nirvana සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක්
  මෙන්ම එහි ප්‍රධාන ගායකයා හා ගීත රචකයා. ගිටාර්
  වාදකයෙකි.
Kristen Pfaff
  වයස: අවුරුදු 27 දින 21
  මරණය සිදුවු දිනය: 1994 ජූනි 16
  මරණයට හේතුව: අධික ලෙස හෙරොයින් ශරීර
‍   ගතවීම.

  Hole හා Janitor Joe සංගීත කණ්ඩායම් වල
  ගිටාර් වාදන ශිල්පිනිය.
Sean Patrick McCabe
  වයස: අවුරුදු 27 දින 289
  මරණය සිදුවු දිනය: 2000 අගෝස්තු 28
  මරණයට හේතුව: හුස්ම ගැනීමේ අපහසුතාවයකින්
‍   සිදුවු මරණයක් (Asphyxiation).

  Ink and Dagger සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා.
Amy Winehouse
  වයස: අවුරුදු 27 දින 312
  මරණය සිදුවු දිනය: 2011 ජූලි 23
  මරණයට හේතුව: ඇල්කොහොල් විෂ වීම නිසා
‍   සිදුවු මරණයක් (Alcohol poisoning).

  ගායිකාවක් හා ගීත රචිකාවියක්.
Anton Yelchin
  වයස: අවුරුදු 27 දින 100
  මරණය සිදුවු දිනය: 2016 ජුනි 19
  මරණයට හේතුව: හදිසි අනතුරක් නිසා සිදුවු මරණයක්
‍   (Accidental blunt traumatic asphyxia).

  නළුවෙක්. Star Trek නව චිත්‍රපට මාලාවේ Chekov ගේ
  චරිතයට රංගනයෙන් දායක විය.The Hammerheads සංගීත
  කණ්ඩායමේ ගිටාර් වාදකයෙකි.

     ඉදිරියටත් මේ අසාමාන්‍ය 27 සමාජයට සමාජිකයෝ එකතු වෙන්න පුළුවන්. ඒත් කාටවත්ම ඒක ගැන මුකුත් කියන්න බෑ. සමහර විට කෙනෙක් Kurt Cobain වගේ සැලැස්මක් ඇතිව මේ සමාජයට එක්වේවි. කවුද දන්නේ මොනවා වේවිද කියලා. බලාගෙන ඉමු.