මිතුරිය

     නෙත් කෙවෙණි පිරවු දුක් කඳුළු බිඳු
     මොහොතින් පිසදා සිනාසෙන නුඹ
     කොතරම් සොඳුරුද මා දයාබර මිතුරියේ
     කිව නොහැකි දුක් කඳක්
     හිරකරන් පපුතුරේ
     සිනාසෙන්නේ කෙලෙසදැයි පවසන්න
     යෙහෙළියේ
     හැරදමා ගිය හිමි වෙතින්
     තවත් එන දුක් ගැහැට
     දරාගෙන ගිරි කුළක් ලෙසින් මහ
     පිය නගන දිවිමගේ බිඳෙන් බිඳ ඉදිරියට
     කොහෙන්දෝ ඔබට මේ තරම් සිත සවිය?
     දරා තව තවත් වෙර පිය නගනු ඉදිරියට
     සඟවා ඔය දුක් සුසුම්
     පිපෙයි නුඹ ඉදිරියේ
     දහසක් අරවින්දයන් හෙට දිනේ.


මේ මගේ ආදරණීය මිතුරියක් වෙනුවෙන් ලියවුනු නිසදැසක්. මේ නිසැදැසින් සැබැවින්ම කියවෙන්නේ ඇගේ ජීවිතයයි. ජීවිතයේ බොහොමයක් එන දුක් ගැහැට ගිරිකුළක් මෙන් දරා ගන්නා ඇය සැම විටම සිනහවකින් පිරි මා දුටු සුන්දරම ගැහැණියක්. ___________________________________________________________________________________
KB 2021.06.22

නිහාරා 02

අනවසරයෙන්ම කාමරයට ඇතුළු වු අපට නොසිතු ගැටළුවකට මේ වන විට මුහුණ දීමට සිදුවෙලා. අපට මේ අවස්තාවේ තෝරා ගැනීමක් කරන්නට සිදුවෙනවා. මා සිතුවා හරි. ඔබට තාමත් ඒ ගැන අවබෝධයක් ඇත්තේ නම් නැහැ. අපට දැන් සිද්ධවෙනවා මේ තරුණයා පසුපසින් යනවාද එසෙ නැතිනම් අනවසරයෙන්ම මේ කාමරයේ තව දුරටත් රැදී සිටිමින් මේ තරුණියගේ නැතිනම් නිහාරාගේ ඊළඟ පියවර කුමක් දැයි යන්න දැන ගන්නවාද?

ඔබ සිතන්නේ මෙහි රැදී සිටිම සුදුසුයි කියා නේද? ඔව්. තරුණයාගේ දුරකථන අංකය දැනටමත් නිහාරා සතුයි. එසේ නම් අපට කෙසේ හෝ තරුණයා ගැන විස්තරයක් ඉදිරියට දැන ගැනීමට ඉඩක් ලැබේවි. එහෙත් නිහාරා අතුරුදහන් වී ගියගොත් අපට කෙසේවත් ඇයව සොයා ගැනීමට හැකියාවක් නොලැබේවි. හැමදාම අපට අනවසරයෙන් අනුන්ගේ නිදන කාමර වලට ඇතුළු වීමට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ.

තරුණයාගේ ලැබුණු බලාපොරොත්තු නොවු පිළිතුරත් සමඟම පොරෝනය යටට ගුලි වු නිහාරා එයින් පිටතට ආවේ පැයකට පමණ පසුයි. එයට හේතු වුයෙත් නැවතීමක් නොමැතිව හඩා වැටෙන ඇගේ ජංගම දුරකථනයයි. ඇගේ ඇස් රත් පැහැවී ඇත්තේ හඩා වැටීම නිසාද එසේත් නැතිනම් පෙරදා රාත්‍රියේ නිදි නොලැබූ නිසා දැයි අපට තාමත් හරියටම කියන්නට බැහැ. මෙතෙක් වෙලා අවසරයක් නැතුව සිදුවු දෙය බලා සිටි අපට මේ දුරකථන ඇමතුමටත් සවන් දීමට කොහෙත්ම අවසරයක් ඇවැසි නොවේ.

හලෝ

ඔව්, නිකී තමයි කතා කරන්නේ.

හෙට?

බැහැ. මට බුකින් එකක් තියෙනවා.

නෑ. මේ සතියෙම බෑ. මට අසනීපයි කියන්න.

ඔව්. එහෙම තමයි.

මම වෙනදා බෑ කියලා නෑනේ.

කියන්න, මට අසනීපයි කියලා.

කෝපයෙන් ජංගම දුරකථනය විසන්දි කරන ඇය නැගී සිටින්නේ තමන් මෙතෙක් වේලා පොරවාගෙන සිටි පොරොවනය පසෙකට දමමින්. නිරුවතින්ම නාන කාමරයට වදින ඇය සිය සිරුර පුරාම සීතල ජල දහරාවන්ට දිව යන්නට අවසර ලබාදෙන්නේ ඇගේ නෙතින් ගලනා කඳුළු වසන් කර ගැනීමටද කියා අපට නිශ්චිතවම පැවසීමට ඉඩක් නොදෙමින්. බොහෝ වෙලාවක් මෙසේ සිටි ඇය නාන කාමරයෙන් පිටතට පැමිණෙන ඇය ලහි ලහියේම ලෑස්තිවෙන්නේ මෙතනින් පිටව යෑමට විය හැකියි. මේසය මත වු මුදල තම පසුම්බියට දමා ගන්නා ඇය ඒ සමඟ වු හදුන්වා දීමේ කාඩ් පත දෙකට ඉරා අසල වු කුඩු දමන බදුනට දමන්නේ කාමරයේ දොරද වසාගෙන ඈ පිටවී යන්නේ අප හැමගේ බලාපොරොත්තු සැනෙකින් බිද දමමින්.

තව දුරටත් කළ හැකි දෙයක් නම් නැත. අපට නිහාරාගේ සහයෝගයකින් තොරව මේ ගමන කිසිවිටකත් ඉදිරියට යා නොහැක. තව දුරටත් මේ පළහිලව්ව පසු පස නොයා අපේ ගමනක් යාමට කාළය එළඹ ඇති බව අපට පසක් වී ඇත. එසේ නම් අප වෙන්ව යමු.

නවතින්න. අප එතරම්ම අවාසනාවන්තයෝ නොවෙමු. අපට දැකගන්නට ලැබෙන්නේ කාමරයේ දොර වසා දමා පිටවී ගිය නිහාරායි. ඇය නැවත වරක් කාමරයට පැමිණ ඇත. කුණු කූඩය අවුස්සා ඇය ඉරා දැමු හදුන්වා දීමේ කාඩ් පතේ කැබලි දෙක අතට ගත් ඇය ඒ දෙස මද වේලාවක් බලා සිටියාය.

චිරන්ත දක්ෂින ප්‍රනාන්දු, ජේෂ්ඨ කතිකාචාර්ය, ක්ෂුද්‍ර ජීව විද්‍යා ඒකකය.ඉන් අනතුරව එහි සටහන් වී තිබුණේ දිවයිනේ ප්‍රසිද්ධ ඉහළ පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නාමයකි.

“මේ මට කෝල් කරපු නම්බර් එක නෙවෙයිනේ. කමක් නෑ. මම හෙට කෝල් එකක් දීලා බලන්නම් මේ මනුස්සයා නටන්න හදන නාඩගම මොකක්ද කියලා”

තමන්ට තනිවම පවසා ගත් නිහාරා එතනින් පිටවී යාමට කාමරයෙන් පිටතට පැමිණියාය. දැන් නම් අපහටත් ඇය සමඟම පිටවී යා හැක. එය හේතුව අප හැමටම මේ කතාවේ කෙළවර කුමක්දැයි කියා දැන ගැනීමට ඇති මහත්වු කුතුහලයයි. එය සංසිදවා ගැනීමට නම් අප හට දිගටම නිහාරා හා රැදෙන්නට සිදුවනු ඇත.

     රාත්‍රිය එළඹුනේ අප සිතුවාටත් වඩා ඉක්මනින්. වෙනදා තමන්ට මුදල්      ගෙවන කුමන හෝ අයෙක් සමඟ යහන්ගත වන ඇය අද තනිවම සිය      මහල් නිවාස කාමරයට වී කිසිදු අරමුණක් නොමැතිව රූපවාහිනී තිරය      මත දුවන මිනිසුන් දෙස නිසොල්මන්ව බලා සිටී. ඇය ඉදිරියේ වු කුඩා      වීදුරු මේසය මත තමා තිබු විවෘත කළ බියර් කෑනයෙන් ගලා ගිය      ජල බිදු වීදුරුව පමණක් නොව එය මත වු රිමෝටද තෙමා අවසන්ය.      එසේ වුවද ඇයට ඒ පිළිබඳව ගාණක් නම් නැත. තවත් මොහොතක්      එසේ සිටි ඇය නැගිට ගියේ තම නිදන කාමරය දෙසටය.

     තම හෑන්ඩ් බෑගයට අත දැමූ නිහාරා එය අවුස්සා චිරන්තගේ හදුන්වා      දීමේ කාඩ් පත අතට ගත්තාය. දැනටමත් එය සෙලෝ ටේප් වැනි යමක      ආධාරයෙන් එය පුරුද්දා අවසන්ය. එයත් රැගෙන තමන් කළින්      අසුන්ගෙන සිටි තැනම අසුන් ගත් ඇය මේසය මත වු බියර් කෑනය      අතට ගෙන එයින් උගුරු කීපයක් පානය කළේ තමන්ට අවශ්‍ය ධෛර්යය ගොඩ නගා ගැනීමට දැයි අපට ප්‍රශ්න කළ හැක. මා හිතන්නේ නම් එයට බියර් වීදුරුවකට වඩා සැර යමක් අවශ්‍යය බවයි.

අනතුරුව සිය ජංගම දුරකථනය අතට ගත් ඇය වෙවුලන දෑතින් යුතුව චිරන්තගේ ජංගම දුරකථන අංකය සටහන් කරන්නට වුවාය. අනතුරව ඇමතුම ඇරඹු ඇය මොහොතකින් විසන්ධි කර දැමුවාය. සිය නළලත දිගේ ගලා ආ දහඩිය බිදු දෙකක් පමණක් නොව කුමන හෝ හේතුවක් නිසා ඇගේ නිල් පැහැති ඇස් කෙවෙණියෙන් ගලා ආ කඳුළු බිඳු දෙකක්ද පිසුලූ ඇය සිය ජංගම දුරකථනය පසෙක වු සෝපාව මතට විසිකර දැමුවාය.

සිය ජීවිත කාලය තුළය යහන් ගත වු ඇයට විවිධාකාර වු පුද්ගලයින් මුණ ගැසී ඇතත් චිරන්ත වැනි අයෙක් මින් පෙර කිසිදිනෙක මුණ ගැසී තිබුණේ නම් නැත. තමා හා යහන් ගතවු පුද්ගලයින් කිහිපදෙනෙක්ම ඇයගෙන් චිරන්ත ඇසූ පැනය පෙර අසා තිබුණත් එය පිළිතුරු වශයෙන් ඇය ඇසූ පැනයට යමක් කියන්නට කිසිවෙක් මෙතරම් කාලයක් සමත්වී තිබුණේ නම් නැත. ඔහු තමාගේ ඇස් දෙසම බලා බොහොම පැහැදිලි ලෙස මින් පෙර කිසිවෙක් පවසා නොතිබූ “ඔව්” යන වදන නිහාරාගේ සාමාන්‍ය දිවි පෙවෙත ඉරි තළා යන්නට සලස්වා තිබුණි. මේ සතියට ඇයට ලැබුණු සියළුම වෙන් කිරීම ඇය ප්‍රතික්ෂේප කර දමා තිබුණි. මෙතෙක් කාලයකට ඇය එසේ කර තිබුණේ ඇය අසනීපයෙන් පසුවු විටෙක පමණි.

“මේ මනුස්සයා ආපු වැඩේ කරගෙන ගියා නම් ඉවරයිනේ. මේ මොන කරදරයක් වත් නෑනේ. මමත් ගියා පණ්ඩිත කමට කියවන්න.”

විටෙක ඇය ඔහුට මෙන්ම තමන්ටත් දොස් පවරා ගනිමින් සිය දීර්ඝ වු කල්පනාටව වැදී සිටියාය. තමන්ගේ සිත මේ තරම්ම සසලව ඇත්තේ ඇයි දැයි නිහාරාට තවමත් සිතාගත නොහැක. ඇයට ඔහුව හමුවී තිබුණේ දෙසරයක් පමණි. ඒ දෙසරයම ඇය කළේ මුදලට ඔහු හා යහන්ගත වීමයි. එමගින් තමාද ඉමහත් තෘප්තියක් ලැබූ බව ඇගේ සිතම පුනා පුනා ඇයට පවසයි. කුමක් හෝ හේතුවක් නිසා තමා ඔහු වෙත ආකර්ශනය වෙන බව පළමු දිනම ඇය දැනී තිබුණි.

නැවත වරක් වෙවුලන දෑතින් සිය ජංගම දුරකථනය අතට ගත් ඇය ඔහුගේ දුරකථන අංකය තෝරා ගෙන ඇමතුම ආරම්භ කළ අතර තවත්මොහොතකින් එය අනිත් පසින් නාදවන හඩ ඇගේ සවනත වැකුණි.

අප අපගේ කතාවේ වැදගත්ම ස්ථානයකට පැමිණි ඇති බව අප හැමට වැටහෙනවා ඇත. මේ දෙදෙනා අතර ඇති වන දෙබස මත අපගේ කතාවේ ඉදිරිය තීරණය වනු ඇත.

__________________________________________________________________________________

KB 2022.06.29

නිහාරා 01

     කාගේ හෝ නිදන කාමරයකට අනවසරයෙන් ඇතුළු වීම කිසිසේත්      සදාචාර සම්පන්න ක්‍රියාවක් නම් නොවෙයි. එහෙත් අපට මේ කතාව      ඉදිරියට ගෙන යාමට ඇවැසි නම් නොම්බර 22 ලෙස සටහන් කර ඇති      මෙම හෝටල් කාමරයට අනවසරයෙන් පිවිසිය යුතුමයි.

     ජනාකීර්ණ වු කොළඹ නගරයෙන් මඳක් ඈතට වන්නට පිහිටා තිබු මේ      සුන්දර නවාතැන් පොළ බොහෝ දෙනෙක් භාවිතා ක‍ළේ තමන්ගේ      කාර්යය බහුල රටාවෙන් මිදී සිය පවුලේ අය හෝ මිතුරන් සමඟින්      විවේකයක් ගැනීමට වුවත් මේ රාත්‍රියේ අප කතා කරන්නට යන්නේ      නම් එවැනි පවුලේ අයවලුන් හෝ මිතුරන් අතර වන කතාවක් නම්      නොවෙයි.

     කාමරයේ වු අඳුර බිදී ගොස් තිබුණේ එහි වු යහන අසල දැල්වු කුඩා විදුලි පහනකින් නැගෙන්නා වු කුඩා එළියකින්. එම එළිය ආධාර කොටගෙන යහන දෙස බැලු අයෙකුට පෙනී යන්නේ යහනේ වු පිරිමියා හා කාන්තාව එක පොදියකට පොර බදන බවකි. පිරිමියෙක්ගේ සිරුර මත නැගී වේගයෙන් රමණය කරන ගැහැණියගේ දර්ශනයක් අඳුර අතරින් බලා සිටින්නෙක් වේ නම් ඔහුට හෝ ඇයට දැකගන්නට ලැබෙනු ඇත. ගැහැණියගේ නිරුවත් වු පියයුරු පිරිමියාගේ දැඩි හස්තයේ පහසට ලක්වන අයුරුද ඒ පහසත් සමඟින් ගැහැණියගේ මුවින් නැගෙන්නා වු රාගික කෙදිරිලි හඩින් කාමරය තුළ වු නිහැඩියාවද බිදී යන අයුරුද බලා සිටින්නෙකුට දැනේ. තවත් විනාඩි කිහිපයකින් අනතුරව ගැහැණියගේ පමණක් නොව පිරිමියාගේද චලනයන් ද නතර වී ගියෙන් කාමරය සිසාරා දැඩි නිහඩතාවයක් පැතිර ගියද, ඔවුන්ගේ සුසුම් වලින් නැගෙන්නා වු හඩින් ඒ නිහැඩියාව මොහොතකින් බිදි ගියේය.

අවසරකින් තොරවම උදෑසන හිරු කිරණ නො 22 කාමරයේ දමා තිබූ තිර රෙදි අතරින් එබී බලන විට අපට දක්නට ලැබෙන්නේ ඇඳ මත වැතිර සිය නිරුවත් සිරුර පොරෝනයකින් වසා‍ගත් රෑමත් ළඳකි. ඇගේ මුහුණු දක්නට ලැබෙන්නේ තෘප්තිකර සිනහවකි. එය මුදල් නිසා ලද දෙයක්ද නැතහොත් පෙරදින රාත්‍රියේ ඇය ලද පහස නිසාද යන්න නම් කිසිදා එළිකර ගත නොහැකි රහසක් වනු ඇත.

කාමරයේ වු නිහඩතාවය බිදී ගියේ විවර වු නාන කාමරයේ දොරින් පිටතට පැමිණි පිරිමියා හේතු කොට ගෙනය. ඔහු වසය අවුරුදු 38 පමණ වු හැඩි දැඩි සිරුරකින් යුතු තරුණයෙකි. අඩි 5 අඟල් 5 පමණ උස් වු ඔහුගේ සිරුර සමාන්‍ය ශ්‍රී ලාංකීය අඳුරු පැහැයට වඩා රන්වන් පැහැ වුවකි. එයට හේතු වුයේ ඔහුගේ මවගේ පියාගේ එනම් ඔහුගේ සීයාගේ යුරෝපියානු සම්බභය බව නම් අපට කිව හැක. ඔහුගේ දකුණු බාහුවේ උඩු කොටසේ දක්නට ලැබුණේ මිත්‍යා කතා වල එන ෆීනික්ස් කුරුල්ලෙකුගේ පච්චයකි. වැතිර සිටින ගැහැණියට පිටුපා ඇදේ සිටගත් ඔහු ඇය ඇමතීය.

නිහාරා, හොටේල් එකේ පේමන්ට්ස් ඔක්කොම කරලා තියෙන්නේ. මට හදිස්සියේ යන්න වෙලා අපේ හෙඩ් ඔෆිස් එකට. ඒක නිසා ඔයාව ඩ්‍රොප් කරන්න පුළුවන් කමක් නෑ මට. ඔයාට පුළුවන්ද කැබ් එකක් බුක් කරගෙන යන්න. මම ඒකට අදාළ පේමන්ට් එක කරන්නම්.

කරදරවෙන්න එපා. මාව මෙහෙම එක්කගෙන ආපු කිසිම කෙනෙක් මෙච්චර දවසකට මම යන විදිහ හරි මම හොදින්ද කියන එක හරි හොයලා බලලා නෑ. ඒ හැමෝම තමන්ගේ වැඩේ කරගත්තා. මට ගෙවන්න ඕන ගාණ ගෙව්වා. එච්චරයි. ඒ නිසා ඔයා ඒ ගැන වදවෙන්න එපා.

මේ දෙබසින් අපට මේ දෙදෙනා අතර වු සම්බන්ධය මුදල් මතම දිග හැරෙන්නා වු සම්බන්ධයක් බවට යම් තීරණයකට එළඹිය හැක. ඒත් අප එසේ තීරණයකට එළඹීමට කෙතරම් නිවැරදිද කියා අපට නිවැරදිවම කිව නොහැක.

මම හිතන්නේ මේ මම ඔයත් එක්ක ආපු දෙවෙනි වතාව. ඒ නිසා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මම දන්නවා අපි යාළුවෝ නෙමෙයි කියලා. මේක බිස්නස් ඩීල් එකක් මේ වේලාවේ. ඒත් මම මේ දේ අහන්නම ඕන.

ඇදේ වැතිර සිටි යුවතිය සිය පොරොණය තන මත්තට ඇදගෙන මදක් එසැවී ඇදේ මිට්ටමට බරදී තමන් පසෙකින් වාඩිවී සිටින මේ සුන්දර මිනිසා දෙස මොහොතක් බලා සිටියාය.

මොකක්ද?

තව කොච්චර කාලයක් මේ ජීවිතය ගත කරන්න බලාපොරොත්තු වෙනවාද?

ඇයි එහෙම අහන්නේ?

ඔයා ලස්සනයි. තාමත් තරුණයි. හරිම ක්‍රියාශීලියි ඇදේදිත්. ඉතින් ඇයි ඔයා ජීවිතේම රැදිලා ඉන්නේ?

එයට පිළිතුරක් ලෙසින් ඇගේ මුහුණේ ඇඳුණේ අවඥා සහගත සිනහවකි. තරුණයා සිටියේ ඇයට පිටුපා බැවින් එය ඔහුගේ නෙත ගැටුණේ නැත.

මට ජීවත්වෙන්න සල්ලි ලැබෙන්නේ මේකෙන්. මට ඕන කරන තෘප්තිය මගේ ගාවට එන සමහර පිරිමින්ගෙන් ලැබෙනවා. හොදම උදාහරණය ඔයා. ඔයත් එක්ක ඉදලා යනකොට මම හරිම තෘප්තිමත්. ඉතින් ඇයි මම මේකෙන් මිදෙන්නේ?

ඒත්?

පොඩ්ඩක් ඉන්න. මම ඉවර නෑ.මාත් කැමතියි මේ ජීවිතයෙන් මිදෙන්න. ඒත් කවුද මාව කසාද බදින්න කැමති. මිනිස්සු මාව රෑ එළිවෙනකම් තුරුල් කරන්න දාහක් දේවල් කිවුවට පාරෙදි මාව මූණට දකින්න කැමති නෑ. ඒ තරම් ඒ මිනිස්සු සිල්වන්තයි. මම තමයි පවිකාරි. ජීවත්වෙන්න මේ කුණු ශරීරේ විකුණන මම පව්කාරයි. හොරෙන් සැරේ තමන්ගේ ගෑණිටත් හොරෙන් ලෝකෙටත් හොරෙන් මගේ ගාවට එන මිනිස්සු මාරම සුද්දවන්තයෝ. මහත්තයාම කියන්න බලන්න මාව බදින්න කැමතිද කියලා. මහත්තයත් මා ගාවට එන්නේ මහත්තයගේ ගෑණිට හොරෙන් වෙන්න ඇති. නිහාරාගේ කෙළවරක් නොවු කියවිල්ලට කිසිවක් නොපවසා නැගී සිටි තරුණයා සිය කළිසමේ පිටුපස සාක්කුවෙන් අතට ගත් සිය පසුම්බියෙන් එළියට ගත් රුපියල් පන්දහසේ කොළ හතරක් යහන අසල වු මේසය මත තබා එහි වු ජංගම දුරකථනය මුදල් මත තබා ඇඳ මිට්ටමට හේත්තු වී සිටි තරුණිය දෙස දැඩි බැල්මක් හෙළුවා.

මහත්තයත් සද්ද නෑ. මහත්තයටත් මගේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් නෑ. මහත්තයා කැමතිද මාව බදින්න.

ඔව්. හැබැයි ඒ ඔයාගේ අදහස් මගේ අදහස්වලට ගැලපෙනවා නම් විතරයි. මට මේ වේලාවේ ඒ ගැන කතා කර කර ඉන්න විදිහක් නෑ. මම දැන් යන්න ඕන. ඔයා ගාව මගේ මොබයිල් නම්බර් එක ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් මේ කාඩ් එකේ මගේ කන්ටෑක් නම්බර් එක තියෙනවා.

නැවත වරක් තම පසුම්බියෙන් ගත් සිය දුරකථන අංක සටහන් වු හදුන්වා දීමේ කාඩ් පතක් මේසය මත වු මුදල් අතරින් රදවමින් තරුණයා පවසා සිටියා. ඔයා හිතලා බලලා මට කෝල් එකක් දෙන්න. මම යනවා. හිතනවා ඔයාව මට ආයේ දැකගන්න පුළුවන් වෙයි කියලා, මුදල් වලින් තීරණය නොවු හමුවීමකට.

තමන්ට ඇසුණු දේ අදහාගත නොහැකිව භීරාන්ත වු යුවතිය කිසිවක් පවසාගත් නොහැකිව තම පොරෝනය තුළට තවත් ගුලි වනු කාමරයේ දොර වසා දමන තරුණයාට දක්නට ලැබුණා.

__________________________________________________________________________________

KB 2022.06.24