හැමෝටම සිද්ධ වෙනවා වගේ බර්ටියාටත් හිතන්නේ නැති සිද්ධි කඩා පාත් වෙනවා. මෙහෙම පාත් වෙන සිද්ධි ගොඩක් වෙලාවට හිනාවෙන්න පුළුවන් දේවල්. සමහර වෙලාවට එහෙම හිනාවෙන්න බැරි භයානක දේවලුත් සිද්ධවෙනවා. මේ කියන්න යන්නේ එහෙම දෙයක් නෙවෙයි හිනා වෙන්න පුළුවන් දෙයක්. බර්ටියාව දැකලා තියෙන අය නම් දන්නවා බර්ටියා සෑහෙන්න සුදුයි කියලා. හා හා කැරපොතු සුද එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා බොහොම ලස්සන දැකුම් කළු සුදක් හොදද?
ඔන්න ඉතින් දවසක් බර්ටියා බර්ටියා මලිතයත් එක්ක අම්පාරේ රවුමක් ගහන්න ගියා. අම්පාරේ සෑහෙන පිස්සුවක් කෙළලා 10 ට විතර කහටගස්යායෙන් පිටත් වුනා කොළඹ එන්න. ඒ එනකොට එහෙ මල්ලි කෙනෙකුත් ආවා අපිත් එක්ක. පොර මහියන්ගනේ කාර්මික විද්යාලෙක මොකක්ද පාඨමාලාවක කර කර හිටියේ. බස් ඒකේ කට්ට කන වට වඩා අපිත් එක්ක එන ඒක ලේසි නිසා පොරත් ඉතින් අපිත් එක්ක සෙට්වුනා. ඒත් මලිතයාගේ වාහන එලවිල්ල දැකලා නම් මිනිහා පොඩ්ඩක් විතර බය වෙලා හිටියේ. බර්ටියාට නම් මලිතයා ඩබල් සිග්නල් දාලා ඉස්සර කරන ඒවා පාරේ ඉන්න කෙල්ලන්ට හොන් ගහන ඒවා එහෙම හොදටම පුරුදු නිසා මේ එලවිල්ල ගාණක් වුනේ නෑ. ඇත්තම කිව්වොත් බර්ටියා ඒ වැඩේට කැමතියි. ඉතින් ඔහොම එනකොට පාර අයිනේ කොමඩු විකුණන්න තියෙනවා දැක්කා. ඉතින් අපිටත් හිතුනා කොමඩු ගන්න. ගෙදර ගෙනියන්නයි කාලා යන්නයි දෙකටම. ඔහොම ඇවිල්ලා දඩ සයිස් කොමඩු වගයක් විකුණන්න තියෙන තැනක් දැකලා මලිතයා එතන ඩබල් කැබ් එක නැවැත්තුවා. බර්ටියා මේ වෙලාවේ හිටියේ සුදු කොට ෂෝටකුයි සුදු ටී-ෂර්ට් එකකුයි ඇදලා. වාහනේ නැවැත්තුවට කොමඩු විකුණන තැන කවුරුවත් හිටියේ නෑ. මලිතයා ඉතින් හෝන් එක ගැහුවා කීප සැරයක්. විනාඩියක් ගියේ නෑ ඇතුලට වෙන්න තිබ්බ ගෙදරින් වයසක් ගෑණු කෙනෙක් දුවගෙන ආවා කොමඩු විකුණන තැනට. වයසක කිව්වට ගොඩක්ම වයස නෑ ඉතින්. අවුරුදු 60 ක් 65 ක් වගේ තමයි.
බර්ටියත් ඉතින් පොර වගේ කැබ් එකේ දොර ඇරගෙන බිමට බැහැලා කොමඩු ගෙඩියකට තට්ටුවකුත් දාලා බලන කොට මලිතයි අර මල්ලියි එතනට ඇවිල්ලා හිටියා වාහනෙන් බැහැලා. බර්ටියා ඉතින් අර ගෑණු කෙනාගෙන් කීයද මේ කොමඩු කියලා ඇහුවා. මේ ගෑණු මනුස්සයා බයවෙලා වගේ බර්ටියා දිහා බලලා "හානේ සිංහලත් කතා කරනවනේ" කියලා කිව්වා. ඊළඟ තප්පරේදී මලිතයා බක බක ගාලා හිනා වෙන්න ගත්තා. බර්ටියාටත් හිනා. මේ ගෑණු කෙනා හිතලා තියෙන්නේ බර්ටියා වෙන රටක ඉදන් ආපු සුද්දෙක් කියලා. අප්පට සිරි වෙනවා කිව්වලු. "පිස්සුද ඇන්ටි, අපි මූව මේ ගම්පහ පැත්තෙන් අහුල ගත්තේ". "මූ මේ සුදු පාටට හිටියට සුද්දෙක් නෙමෙයි" කියලා මලිතයා කතාව දිග ඇරියා. ම් ම් ම් ඒත් ඇන්ටි කතාව පිළිගන්න පාටක් නෑ. ඇන්ටිට ඕන මඟුලක් කරගන්න කියලා බර්ටියයි මලිතයයි කොමඩු තෝරන්න ගත්තා. මේවා පත සයිස් කොමඩු. අපි දෙන්නා කොමඩු ගෙඩි තුනක්ම ගත්තා. දෙකක් ගෙවල් වලට ගෙනියන්න. ඉතුරු එක ඒ වෙලාවේ කන්න. ඇන්ටිට සල්ලිත් දීලා ඇන්ටිගෙන්ම පිහියත් ඉල්ලන් අපි ඉතුරු කොමඩු ගෙඩිය කැපුවා. ඉස්සෙල්ලාම ගෙඩිය දෙකට කපලා ඒකෙන් තව තරමක කෑලී 3ක් කපා ගත්තත් තවත් කොමඩු ගෙඩියේ බාගෙකට වඩා ඉතුරුයි. බර්ටියයි මලිතයයි අර මල්ලියි කෑලි කොමඩු කෑලි 3 කෑවා. කලා ඉවර වුනාට පස්සේ අර මල්ලි අහනවා ඉතුරු ටික අරගෙන යන්නේ කොහොමද කියලා? මලිතයා ගත් කටටම ඇහුවා මොන ඉතුරු ටිකද කියලා. "ඇයි මලිත අයියේ කොමඩු ගෙඩියේ ඉතුරු ටික?" "ඕකේ මොනවා ඉතුරු වෙන්නද මල්ලි" කියපු බර්ටියා පිහිය අරගෙන අර ඉතුරු වෙච්ච කොමඩු ගෙඩිය කෑලි වලට කැපුවා. මල්ලිට නම් වෙන කන්න බැහැයි කිව්වා. කොමඩු විකුණපු ඇන්ටියි අර මල්ලියි ඇස් උඩ තියන් බලන් ඉන්දිද්දී බර්ටියයි මලිතයයි කොමඩු ගෙඩියා කාලා ඉවර කලා. ඇන්ටිගෙන් වතුර ටිකකුත් ඉල්ලන් මූණයි අතුයි හෝදගෙන බර්ටියයි මලිතයයි ආපහු වාහනේට නැග්ගා.
යන ගමන් අර මල්ලි කියනවා අපි දෙන්නා කොමඩු කනකොට ඇන්ටි හෙමින් සැරේ ඒකගෙන් ඇහුවලු බර්ටියා ඇත්තටම සිංහලද කියලා. ඒකා කියලා අපොයි ඔව්, ඔය මාස තුන හතරකට සැරයක් අපි අම්පාරේ ඇවිල්ලා යනවා අපි ඉන්නේ කොළඹ කියලා. ඒ මදිවට ඒකා කියනවා ඒකා හිතුවේ නැහැයිලු අපි දෙන්නා කොමඩු ගෙඩිය කාලා ඉවර කරයි කියලා. බර්ටියා ඉදන් කිව්වා අපෝ මල්ලි ඕකත් කෑමක්ද, අපි කන කෑම මනතුංගගේන අහලා බලන්න කියලා. එක සැරයක් අපි කන කෑම දැකලා එකෙක් කිව්වා බුදු අයියේ උඹලා දෙන්නට නම් මගේ වෙඩින් එක කියන්නේ නෑ කියලා. ඒක වුන හැටි ඊළඟ කතාවෙන් කියන්නම්. අපි දෙන්නා ඉතින් අර මල්ලිවත් මහියංගනේ ටෙක්නිකල් එක ගාවින් බස්සගෙන කොළඹ පැත්තට ඇවිල්ලා ඇඹිලිපිටිය පහුවෙලා දවල්ට කන්න තැනක් හාෙයාගන්න තීරණය කලා.
3 comments:
😂😂😂😂😂😂
Opps,,, Is she blind ???? :) :) :)
That's called jealousy !
Post a Comment