රාජ්‍ය ආයතන කියන්නේ චංචා කරන්න ලේසිම තැන් කියලයි බර්ටියා හිතන්නේ. ඒ වගේම මිනිස්සු ගියාම වැඩක් කරගන්න තියෙන අමාරුම තැන්. කලාතුරකින් තමයි හොද මනුස්සයෙක් දකින්න ලැබෙන්නේ. ගොඩක් ඉස්පිරිතාලත් එහෙමත්. කිසිම විස්තරයක් අහන්න බෑ, පොඩි දේටත් මහ සද්දෙට කෑ ගහනවා. නර්ස්ලගේ ඇටෙන්ඩන්ලගේ තියෙන උද්දච්චකම කියලා නිම කරන්න බෑ. ඉස්සර නම් දොස්තරලා මේ අතරින් වෙනස් විදිහට දැක්කා. ඒ අයගේ මනුස්සකම තිබ්බා. ඒත් අද වෙනකොට ඒකත් වෙනස් වෙලා ඒ අයත් අර නර්ස්ලා ඇටෙන්ඩන්ලා ගානට වැටිලා. ඔය හැම දේකම හොද අය නැතුවම නෙමෙයි. ඒ මිනිස්සු අර නරක එක්ක වැහිලා ගිහිල්ලා. බොහොමයක් රාජ්‍ය සේවකයිනට් අමතක ඒ අය අපේ බදු සල්ලි වලින් තමයි එයාලගේ වැටුප් ගන්නේ කියන එක. ඒ වෙනුවෙන් එයාලට යුතුකමක් තියෙනවා රාජකාරිය කරලා දෙන්න. අනවශ්‍ය දෙයක් පෞද්ගලික දෙයක් නෙවෙයිනේ මිනිස්සු ඉල්ලන්නේ එයාලගෙන්.
වංචාව ගැන කියනකොට ඇහින් දැකපු එක උදාහරණයක් කියන්නම්. එක දවසක් වවුලයි බර්ටියයි වොඩ් එකක වැඩ කලා. ලෙඩක් ඩිස්චාර්ජ් (ටිකට් කපනවා කියන්නේ) කලින් ලෙඩාට crape bandage එකක් දෙන්න ඕන. වාට්ටුවේ crape bandage ඉවර වෙලා. අපි දෙන්නට ගබඩාවට ගිහිල්ලා එකක් ගෙනත් දෙන්න කිව්වා. ඒ අස්සේ එතන නර්ස්ටත් එකක් ඕන කියලා අර ලෙඩාගේ ටිකට් එකට crape bandage 2 ක් දාලා, ගබඩාවෙන් crape bandage දෙකක් ගෙන්න ගත්තා. ඔන්න නොමිලේ දෙන බඩු වලට වෙන දේවල්. ඔය අපි දැක්ක දේවල්. තව කොච්චර එහෙම දේවල් වෙනවා ඇද්ද?
දවසක් අපි භික්ෂු වාට්ටුවට ගිහිල්ලා දවල්ට කාලා ඉවරවෙලා අපහු එනකොට මැරෙන්න ට්‍රයි එකක් දිහා වැඩේ හරියට කරගන්න බැරිවෙච්ච පොරක්ව ගෙනල්ලා තිබ්බා. මිනිහා මොනවා හරි බීලා තිබ්බේ. පොරට මොනවා හරි දෙයක් පොවනවා බීපුවා තනුක කරලා වමනේ කරන්න. අපා දුකක් ඒක. ඒවගේ දෙයක් දැක්කහම දැනෙනවා සිය දිවි හානි කරගන්න ගිහිල්ලා බේරුනොත් හම්බවෙන ආතල් එක කොහොමද කියලා. පිස්සු හැදෙනවා.
තවත් සිය දිවි හානි කරගැනීමේ කේස් එකක් දැක්කා බර්ටියා තවත් කවුරු එක්ක හරි පණිවිඩයක් අරන් කාන්තා වාට්ටුවකට ගිය වෙලාවක. එක බැදපු කෙල්ලෙක් මිනිහත් එක්ක රණ්ඩු වෙලා මැරෙන්න උපත් පාලන පෙති ගොඩක් බීලා. කවුරු හරි දැකලා වෙලාවට ඉස්පිරිතාලෙට ගෙනාපු හන්දා ජීවිතේ බේරගන්න පුළුවන් වෙලා. ඒත් බීපු බේත් වල සැරට ඒ ගෑනු ළමයගේ ගර්භාෂය ඇතුළු ළමයෙක් හදන්න ඕන කරන පද්ධතිය (reproductive system එක) දරුණු විදිහට තුවාල වෙලා. ඒ ගෑනු ළමයට කවදාවත් ළමයෙක් හදගන්න බැරිවෙනවා කියලා එතන හිටපු දොස්තරලා කියනවා අපිට ඇහුණා. ඉතින් බලන්න හදිස්සි කේන්තිය නිසා මුළු ජීවිතකාලෙම විදවන්න වෙලා.
දවසක් උදේක බස් එකක් ඇක්සිඩන්ට් වෙලා ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් ගෙනාවා. එක ලෙඩෙක්ට බේතක් දෙන්න තිබ්බා. ඒක ඉන්ජෙක්ෂන් එකක්. හැබැයි අපිට පුරුදු විදිහට අතිට නෙමෙයි ඒක දෙන්න ඕන පස්සට. පොරට අම්බානකට කිති. ඇගිල්ලක්වත් කිට්ටු කරන්න බෑ ඇඹරෙනවා. ඉන්ජෙක්ෂන් එක ගහන්නම දෙන්නේ නෑ. ඩොකාටයි නර්ස්ලාටයි මළ පැනලා. ඇත්තනේ. ඒ පාර පොරව එතන ලෙඩ්ඩු බලන්න ගන්න ඇඳට දාලා හතර වටින් අල්ලගෙන බොහොම අමාරුවෙන් ඉන්ජෙක්ෂන් එක ගැහුවා තට්ටමකට. සෙල්ලම් නෑ බේත් විදින එකත්. බර්ටියත් ඉතින් පොරගේ අත්දෙකින් අල්ලගෙන හිටියා බේත විදිනකම්.
එක දෙයක් දැක්කා ඉස්පිරිතාලේ හිටපු දවස් 14 ඇතුලේ කියන්නත් ලැජ්ජයි. ඒත් මේ වගේ දේවලුත් සමාජයේ වෙනවා කියලා දැනගන්න ඕන නිසා කියන්නේ. දවසක් බර්ටියයි ගමයයි 8 වාට්ටුවේද කොහෙද ඉන්නකොට ඒකේ හිටපු ඩොකෙක් අපි දෙන්නට කතා කලා වරෙන් යන්න ගමනක් කියලා (දමිත් අයියගේ බැජියෙක්). බර්ටියට ඒ අයියගේ නම නම් මතක නෑ දැන්. මොකක්ද බේතකුත් අරගෙන ඩොක්ට යන පස්සෙන් අපි දෙන්නත් ගියා. ඩොක්ට ගියේ භික්ෂු වාට්ටුවට. ගිහිල්ලා පොඩි හාමුදුරුකෙනෙක් ගාවට ගියා. පොඩි හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් කතා බහ කරලා වටේ ආවරණ කරන්න තිරය ඇදලා අර ගෙනිච්ච බේත පොඩි හාමුදුරුවන්ගේ ගුද මාර්ගයට ඇතුල් කලා. දැනගත්ත විදිහට ඒක වේදනා නාශකයක්යක්. වෙලා තියෙන සීන් එක තමයි පොඩි හාමුදුරුවන්ට කවුරු හරි ලොකු ඝන ගෙඩියෙක් අතවරයක් කරලා. ඒක නිසා පොඩි හාමුදුරුවන්ගේ ගුද මාර්ගය තුවාල වෙලා. ඔන්න ඉතින් කෙලෙස් නීහීන කරන්න එන ඇත්තන්ගේ වැඩ.අපි කට්ටිය OPD බේත් දාන කාමරේ ඉන්නකොට ඕකේ දෙන්නෙක් වැඩ කලා. එක්කෙනෙක් බර්ටියා කලින් කියපු අක්කා. තව නිතර දෙවෙලේ දෙකක් දාලා ඉන්න පොරකුත් හිටියා ඕකේ. බර්ටියට දැන් මෙයාලගේ නම් මතක නෑ. පොරව හොයාගෙන සමහර වෙලාවට තුවාල කරගත්ත බේබද්දෝ එනවා හොර පාරෙන් බේත් දාගන්න. බේත් දාගෙන පොරට කීයක් හරි අත මිට මොළවලා යනවා. පට්ට සීන් තමයි. ඇත්තටම සමහර වෙලාවට බේත් දාගන්න එන මිනිස්සු අපිටත් සල්ලි දීපු වෙලාවල් තියෙනවා. අපි නම් කවදාවත් සත පහක්වත් අරන් නෑ ඒ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන්.
එක ගෑනු කෙනෙක් එනවා සතියකට දෙසරක් විතර කකුලේ තුවාලයකට බේත් දාගන්න. ඒ මනුස්සයට පොඩ්ඩක් මොළෙත් අෆ්සෙට් වගේ. තුවාලයක් කිව්වට ඒක නිකම් බෙණයක් වගේ. කතුර තුවාලේ ඇතුලට දැම්මත් අර මනුස්සයට වගේ වගක් නෑ තුවාලේ කෙළවරකුත් නෑ. පිස්සු වගේ අපිටත්. දියවැඩියා තුවාල එහෙම එනවා ජීවිතේ තියෙන අසුන්දරම අස්ථිරම බව අපිට මතක් කරලා දෙන්න. බේත් දාන කාමරෙන් අපි තුවාල ගැන ඉගෙන ගත්ත දේ බොහොමයි. දොස්තරලා මැනුම් දාන්න එහෙම එතනට ආවහම අපිටත් යමක් කියලා දෙන්නත් අමතක කලේ නෑ. ඒ අයට බොහොමත්ම ස්තුතියි අපිට දෙයක් දුන්නට. අපේ අයට මැහුම් කපන්නත් අවස්ථා කීපයක්ම ලැබුණා. දැන් නම් ඒවා අමතකත් වෙලා ගිහිල්ලා.
OPD එකේ ෆාමසි එකේ ඉන්නකොට වාසි වෙච්ච වෙලාවලුත් තිබ්බා. කීප සැරයක්ම අපි ඒ ලෙවල් වලට පන්ති යනකොට ගණන් උස්සපු කෙල්ලෝ ඇවිල්ලා හිටියා ගෙවල්වල අයත් එක්ක බේත් ගන්න. බේත් ගන්න ගියහම දන්නවනේ අර කවුන්ටරේ ඉස්සරහා තියෙන දිග පෝලිම් වල සැහෙන වෙලාවක් තෙරපිලා කට්ට කන්න ඕනනේ බේත් ටික ගන්න. ඕක පට්ට කට්ටක්. කීප සැරයක්ම අපිට පුළුවන් වුනා ඔය පෝලිමේ කට්ට කකා හිටපු අපිට පාට් දාපු කෙල්ලන්ට බේත් ටික පෝලිමෙන් පිට අරන් දෙන්න. රතු ටයි එකක් දාපු බාලිකාවේ ඩොටි එතකොට ගලහිටියේ කිරි, සීනී, තේ කොළ සෙට් එකේ කිරී අපි එහෙම බේත් අරන් දීපු කෙල්ලෝ දෙන්නෙක්.ෆාමසි එකේ වැඩ කරපු එක අයියා කෙනෙක් හිටියා එක එක විජ්ජා වැඩ පෙන්නපු ඕකේ තිබ්බ කෙමිකල් වලින්. හරි හොද මනුස්සයා. මිනිහා අපිට කලින් රෝහල් සේවයට ආපු කෙල්ලන්ට ඕවා පෙන්නලා හෙණ වීරයා වෙලා හිටියේ. පොර අපිටත් ඕවා පෙන්නුවා. ඒත් පොර බාගෙට ඒවා පෙන්නගෙන එනකොට අපි කියනවා මේවා මේවා දැන්මහම තමයි ඕවා වෙන්නේ කියලා. දවසක් පොරගෙන් එතන වැඩකරන වෙන කෙනක් අපිව පෙන්නලා ඇහැව්වා ඇයි මෙයාලට විජ්ජා පෙන්නන්නේ නැද්ද කියලා. මිනිහා ඒ පාර කියනවා මෙයාලට ඒවා පෙන්නලා වැඩක් නෑ. මෙයාලා ඒවා ඔක්කොම දන්නවා කියලා. බර්ටියව පෙන්නලා කිව්වා මෙයා තමයි වැඩි පුරම දේවල් දන්නේ කියලා.
ඒ දවස් වල ඉස්පිරිතාලේ වැඩ කලා කුමාරි කියලා ඇටෙන්ඩන් අක්කා කෙනෙක්. හරිම ලස්සනයි. එයාලගේ යුනිෆෝම් එක නැතුව කැෂුවල් ඉන්නකොට හරියට ඒ ලෙවල් කරන කෙල්ලෙක් වගෙයි. අපේ සමීර මල්ලී දවසක් කුමාරි අක්කව කැෂුවල් පිට දැකලා මෙයා ඒ ලෙවල් කරන කෙල්ලෙක් වගේනේ කියලත් කියවුනා. කුමාරි අක්කට අපිත් එහෙන් මෙහෙන් ලයින් දැම්මට වැඩක් හරි ගියේ නෑ. පොකයගේ අම්මයි දමිත් අයියයි ඉන්න නිසා අපිට වැඩි සෙල්ලම් දාන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.
රෝහල් සේවයේ දවස් 14 නොදැනීම විනෝදයෙන් ගෙවිලා ගියා. ඔය අස්සේ මේට්‍රන් අම්මණ්ඩි එක්ක රණ්ඩු වෙච්ච අවස්තාත් තිබ්බා. රෝහල් සේවය අස්සේ කොමනා මාරුවෙලා ඩ්‍රයිවින් පුරුදු වෙන්න ගිය වෙලාවලුත් තිබ්බා. මොනවා වුනත් අපි සෙට් එක ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දමිත් අයියා, ලක්මාලි අක්කා, රන්නොළුව අයියා අතුලු ඩොකාලා ටික අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒවා දැන් අපිට මතක නැති එක වෙනම කතාවක්. ඒ වගේම පොකයගේ අම්මා, සන්ධ්‍යා අක්කා, ගුණදාස අයියා ඇතුලු කට්ටියත් අපිට ගොඩක් උදව් කලා. ගොඩක් අයගේ නම් දැන් මතක නෑ බර්ටියට. ඉතින් එහෙම අදට ඇති. ටටා
KB 2020.07.31
No comments:
Post a Comment