නිහාරා 02

අනවසරයෙන්ම කාමරයට ඇතුළු වු අපට නොසිතු ගැටළුවකට මේ වන විට මුහුණ දීමට සිදුවෙලා. අපට මේ අවස්තාවේ තෝරා ගැනීමක් කරන්නට සිදුවෙනවා. මා සිතුවා හරි. ඔබට තාමත් ඒ ගැන අවබෝධයක් ඇත්තේ නම් නැහැ. අපට දැන් සිද්ධවෙනවා මේ තරුණයා පසුපසින් යනවාද එසෙ නැතිනම් අනවසරයෙන්ම මේ කාමරයේ තව දුරටත් රැදී සිටිමින් මේ තරුණියගේ නැතිනම් නිහාරාගේ ඊළඟ පියවර කුමක් දැයි යන්න දැන ගන්නවාද?

ඔබ සිතන්නේ මෙහි රැදී සිටිම සුදුසුයි කියා නේද? ඔව්. තරුණයාගේ දුරකථන අංකය දැනටමත් නිහාරා සතුයි. එසේ නම් අපට කෙසේ හෝ තරුණයා ගැන විස්තරයක් ඉදිරියට දැන ගැනීමට ඉඩක් ලැබේවි. එහෙත් නිහාරා අතුරුදහන් වී ගියගොත් අපට කෙසේවත් ඇයව සොයා ගැනීමට හැකියාවක් නොලැබේවි. හැමදාම අපට අනවසරයෙන් අනුන්ගේ නිදන කාමර වලට ඇතුළු වීමට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ.

තරුණයාගේ ලැබුණු බලාපොරොත්තු නොවු පිළිතුරත් සමඟම පොරෝනය යටට ගුලි වු නිහාරා එයින් පිටතට ආවේ පැයකට පමණ පසුයි. එයට හේතු වුයෙත් නැවතීමක් නොමැතිව හඩා වැටෙන ඇගේ ජංගම දුරකථනයයි. ඇගේ ඇස් රත් පැහැවී ඇත්තේ හඩා වැටීම නිසාද එසේත් නැතිනම් පෙරදා රාත්‍රියේ නිදි නොලැබූ නිසා දැයි අපට තාමත් හරියටම කියන්නට බැහැ. මෙතෙක් වෙලා අවසරයක් නැතුව සිදුවු දෙය බලා සිටි අපට මේ දුරකථන ඇමතුමටත් සවන් දීමට කොහෙත්ම අවසරයක් ඇවැසි නොවේ.

හලෝ

ඔව්, නිකී තමයි කතා කරන්නේ.

හෙට?

බැහැ. මට බුකින් එකක් තියෙනවා.

නෑ. මේ සතියෙම බෑ. මට අසනීපයි කියන්න.

ඔව්. එහෙම තමයි.

මම වෙනදා බෑ කියලා නෑනේ.

කියන්න, මට අසනීපයි කියලා.

කෝපයෙන් ජංගම දුරකථනය විසන්දි කරන ඇය නැගී සිටින්නේ තමන් මෙතෙක් වේලා පොරවාගෙන සිටි පොරොවනය පසෙකට දමමින්. නිරුවතින්ම නාන කාමරයට වදින ඇය සිය සිරුර පුරාම සීතල ජල දහරාවන්ට දිව යන්නට අවසර ලබාදෙන්නේ ඇගේ නෙතින් ගලනා කඳුළු වසන් කර ගැනීමටද කියා අපට නිශ්චිතවම පැවසීමට ඉඩක් නොදෙමින්. බොහෝ වෙලාවක් මෙසේ සිටි ඇය නාන කාමරයෙන් පිටතට පැමිණෙන ඇය ලහි ලහියේම ලෑස්තිවෙන්නේ මෙතනින් පිටව යෑමට විය හැකියි. මේසය මත වු මුදල තම පසුම්බියට දමා ගන්නා ඇය ඒ සමඟ වු හදුන්වා දීමේ කාඩ් පත දෙකට ඉරා අසල වු කුඩු දමන බදුනට දමන්නේ කාමරයේ දොරද වසාගෙන ඈ පිටවී යන්නේ අප හැමගේ බලාපොරොත්තු සැනෙකින් බිද දමමින්.

තව දුරටත් කළ හැකි දෙයක් නම් නැත. අපට නිහාරාගේ සහයෝගයකින් තොරව මේ ගමන කිසිවිටකත් ඉදිරියට යා නොහැක. තව දුරටත් මේ පළහිලව්ව පසු පස නොයා අපේ ගමනක් යාමට කාළය එළඹ ඇති බව අපට පසක් වී ඇත. එසේ නම් අප වෙන්ව යමු.

නවතින්න. අප එතරම්ම අවාසනාවන්තයෝ නොවෙමු. අපට දැකගන්නට ලැබෙන්නේ කාමරයේ දොර වසා දමා පිටවී ගිය නිහාරායි. ඇය නැවත වරක් කාමරයට පැමිණ ඇත. කුණු කූඩය අවුස්සා ඇය ඉරා දැමු හදුන්වා දීමේ කාඩ් පතේ කැබලි දෙක අතට ගත් ඇය ඒ දෙස මද වේලාවක් බලා සිටියාය.

චිරන්ත දක්ෂින ප්‍රනාන්දු, ජේෂ්ඨ කතිකාචාර්ය, ක්ෂුද්‍ර ජීව විද්‍යා ඒකකය.ඉන් අනතුරව එහි සටහන් වී තිබුණේ දිවයිනේ ප්‍රසිද්ධ ඉහළ පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නාමයකි.

“මේ මට කෝල් කරපු නම්බර් එක නෙවෙයිනේ. කමක් නෑ. මම හෙට කෝල් එකක් දීලා බලන්නම් මේ මනුස්සයා නටන්න හදන නාඩගම මොකක්ද කියලා”

තමන්ට තනිවම පවසා ගත් නිහාරා එතනින් පිටවී යාමට කාමරයෙන් පිටතට පැමිණියාය. දැන් නම් අපහටත් ඇය සමඟම පිටවී යා හැක. එය හේතුව අප හැමටම මේ කතාවේ කෙළවර කුමක්දැයි කියා දැන ගැනීමට ඇති මහත්වු කුතුහලයයි. එය සංසිදවා ගැනීමට නම් අප හට දිගටම නිහාරා හා රැදෙන්නට සිදුවනු ඇත.

     රාත්‍රිය එළඹුනේ අප සිතුවාටත් වඩා ඉක්මනින්. වෙනදා තමන්ට මුදල්      ගෙවන කුමන හෝ අයෙක් සමඟ යහන්ගත වන ඇය අද තනිවම සිය      මහල් නිවාස කාමරයට වී කිසිදු අරමුණක් නොමැතිව රූපවාහිනී තිරය      මත දුවන මිනිසුන් දෙස නිසොල්මන්ව බලා සිටී. ඇය ඉදිරියේ වු කුඩා      වීදුරු මේසය මත තමා තිබු විවෘත කළ බියර් කෑනයෙන් ගලා ගිය      ජල බිදු වීදුරුව පමණක් නොව එය මත වු රිමෝටද තෙමා අවසන්ය.      එසේ වුවද ඇයට ඒ පිළිබඳව ගාණක් නම් නැත. තවත් මොහොතක්      එසේ සිටි ඇය නැගිට ගියේ තම නිදන කාමරය දෙසටය.

     තම හෑන්ඩ් බෑගයට අත දැමූ නිහාරා එය අවුස්සා චිරන්තගේ හදුන්වා      දීමේ කාඩ් පත අතට ගත්තාය. දැනටමත් එය සෙලෝ ටේප් වැනි යමක      ආධාරයෙන් එය පුරුද්දා අවසන්ය. එයත් රැගෙන තමන් කළින්      අසුන්ගෙන සිටි තැනම අසුන් ගත් ඇය මේසය මත වු බියර් කෑනය      අතට ගෙන එයින් උගුරු කීපයක් පානය කළේ තමන්ට අවශ්‍ය ධෛර්යය ගොඩ නගා ගැනීමට දැයි අපට ප්‍රශ්න කළ හැක. මා හිතන්නේ නම් එයට බියර් වීදුරුවකට වඩා සැර යමක් අවශ්‍යය බවයි.

අනතුරුව සිය ජංගම දුරකථනය අතට ගත් ඇය වෙවුලන දෑතින් යුතුව චිරන්තගේ ජංගම දුරකථන අංකය සටහන් කරන්නට වුවාය. අනතුරව ඇමතුම ඇරඹු ඇය මොහොතකින් විසන්ධි කර දැමුවාය. සිය නළලත දිගේ ගලා ආ දහඩිය බිදු දෙකක් පමණක් නොව කුමන හෝ හේතුවක් නිසා ඇගේ නිල් පැහැති ඇස් කෙවෙණියෙන් ගලා ආ කඳුළු බිඳු දෙකක්ද පිසුලූ ඇය සිය ජංගම දුරකථනය පසෙක වු සෝපාව මතට විසිකර දැමුවාය.

සිය ජීවිත කාලය තුළය යහන් ගත වු ඇයට විවිධාකාර වු පුද්ගලයින් මුණ ගැසී ඇතත් චිරන්ත වැනි අයෙක් මින් පෙර කිසිදිනෙක මුණ ගැසී තිබුණේ නම් නැත. තමා හා යහන් ගතවු පුද්ගලයින් කිහිපදෙනෙක්ම ඇයගෙන් චිරන්ත ඇසූ පැනය පෙර අසා තිබුණත් එය පිළිතුරු වශයෙන් ඇය ඇසූ පැනයට යමක් කියන්නට කිසිවෙක් මෙතරම් කාලයක් සමත්වී තිබුණේ නම් නැත. ඔහු තමාගේ ඇස් දෙසම බලා බොහොම පැහැදිලි ලෙස මින් පෙර කිසිවෙක් පවසා නොතිබූ “ඔව්” යන වදන නිහාරාගේ සාමාන්‍ය දිවි පෙවෙත ඉරි තළා යන්නට සලස්වා තිබුණි. මේ සතියට ඇයට ලැබුණු සියළුම වෙන් කිරීම ඇය ප්‍රතික්ෂේප කර දමා තිබුණි. මෙතෙක් කාලයකට ඇය එසේ කර තිබුණේ ඇය අසනීපයෙන් පසුවු විටෙක පමණි.

“මේ මනුස්සයා ආපු වැඩේ කරගෙන ගියා නම් ඉවරයිනේ. මේ මොන කරදරයක් වත් නෑනේ. මමත් ගියා පණ්ඩිත කමට කියවන්න.”

විටෙක ඇය ඔහුට මෙන්ම තමන්ටත් දොස් පවරා ගනිමින් සිය දීර්ඝ වු කල්පනාටව වැදී සිටියාය. තමන්ගේ සිත මේ තරම්ම සසලව ඇත්තේ ඇයි දැයි නිහාරාට තවමත් සිතාගත නොහැක. ඇයට ඔහුව හමුවී තිබුණේ දෙසරයක් පමණි. ඒ දෙසරයම ඇය කළේ මුදලට ඔහු හා යහන්ගත වීමයි. එමගින් තමාද ඉමහත් තෘප්තියක් ලැබූ බව ඇගේ සිතම පුනා පුනා ඇයට පවසයි. කුමක් හෝ හේතුවක් නිසා තමා ඔහු වෙත ආකර්ශනය වෙන බව පළමු දිනම ඇය දැනී තිබුණි.

නැවත වරක් වෙවුලන දෑතින් සිය ජංගම දුරකථනය අතට ගත් ඇය ඔහුගේ දුරකථන අංකය තෝරා ගෙන ඇමතුම ආරම්භ කළ අතර තවත්මොහොතකින් එය අනිත් පසින් නාදවන හඩ ඇගේ සවනත වැකුණි.

අප අපගේ කතාවේ වැදගත්ම ස්ථානයකට පැමිණි ඇති බව අප හැමට වැටහෙනවා ඇත. මේ දෙදෙනා අතර ඇති වන දෙබස මත අපගේ කතාවේ ඉදිරිය තීරණය වනු ඇත.

__________________________________________________________________________________

KB 2022.06.29

No comments: