කොරොනා කේස් එක හින්ද හැමෝම ගෙවල් වලට වෙලානේ ඉන්නේ. ඒක ඉතින් බර්ටියාටත් පොදුයි. කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ බෝඩිමට වෙලා ඉන්නේ. වෙනදා පාන්දර හතරට විතර ඇහැරෙන බර්ටියා දැන් ඇහැරෙන්නේ අටත් පහුවෙලා. අප්‍රේල් පළවෙනිදා උදේ 8.30 ට විතර නැගිටිනකොට බර්ටියා ඉන්න කාමරේට එහා පැත්තෙන්ලොකු හිනාවක් ඇහුණා.කොහොමටත් බර්ටියාටත් නැගිටින්න හොඳටම කම්මැලියි. ඒක නිසා හිනාවට හේතුව හොයන්න නොගිහින් තව පොඩ්ඩක් ඇඳට වෙලා හිටියා. ඊට පැයකට විතර පස්සෙ මූණ හෝදන්න හිතාගෙන එළියට ආපු බර්ටියාට වෙච්ච සම්පූර්ණ සිද්ධිය දැන ගන්න ලැබුණා. බර්ටියාගේ කාමරේට එහා පැත්තේ කාමරේ ඉන්න රුවන් මල්ලි එයාගේ නෝනයි බබයි. පොර කාමරේ අයිති ගෙදර බුද්ධිකයට (අපි ඉතින් පොරට මන්ද බුද්ධික කියලා කියන්නේ) දාර ලණුවක් දිීලා . ඒක තමයි හිනාවට හේතුව.
මේ කතාව පටන් ගන්නේ මාර්තු තිස් එක් වැනි ද හැන්දෑවේ හතහමාරට විතර. කොරොනා කේස් හින්දා ගොඩක් අය ගමේ ගියත් අපේ බෝඩිමේ කීපදෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. කට්ටියම ඉන්නේ පට්ට කම්මැලිකමෙන්. මෙහෙම ඉන්නකොට සමහර දවස් වල හැන්දෑවෙ හයට හතට විතර අහල පහල බෝඩිං කාමර වල ඉන්න කට්ටිය එක්ක හෙමින් සැරේ ඕමියක් ගහනවා. මේ කියන වෙලාවෙත් අපි කට්ටිය හෙමින් සැරේ ඕමියක් බල බලා හිටියේ. කලින් කිව්වා වගේ මේ කියනකොට වෙලාව හැන්දෑවේ හතහමාරට විතර ඇති. ඕමිය නැගලා යද්දි බුද්ධිකයා කිව්වා හෙට අප්‍රේල් පලවෙනිදා නේ, ඒක හින්දා කාටහරි ලණුවක් දෙන්න ඕන කියලා. අපිත් ඉතින් ඕකට මුකුත් කියන්න ගියේ නෑ ඕමිය ගහලා ඉවර කරලා කට්ටියම නිදාගන්න ගියා. ඒ කතාව අපිට එහෙමම අමතක වෙලා ගියා.
රෑ දහයට විතර විටකුත් කකා බුද්ධිකයා රුවනගේ කාමරේ පැත්තට ගිය වෙලාවේ රුවනා මූට කතා කරලා මෙහෙම කියලා.
“මචං හෙට උදේම ගමනක් යන්න තියෙනවා. මට තදට නින්ද යන නිසා ලේසියෙන් උදේට ඇහැරෙන්නේ නෑ. අඩු ගානේ ෆෝන් එකේ එලාම් එක තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ. නෝනත් බබා එක්ක ඇහැරගෙන ඉඳලා උදේ වරුවේ තමා පොඩ්ඩක් නිදා ගන්නේ. මචං උඹට පුලුවන්නං මාව උදේ හතරට විතර ඇරවපන්”.
“හරි මචං එල. මම හතර වෙනකොට උඹ ඇහැරවන්නම්” කියපු අපේ පොර නිදාගන්න ගිහිල්ලා.
පාන්දර 3 ට විතර කබ කඩ වඩා හිමින් සැරේ ආපු බුද්ධිකයා රුවන් මල්ලිගේ කාමරේ දොරට තට්ටු කළා රුවනව ඇහැරවන්න. ඒ වෙනකොටත් රුවන් මල්ලියි එයාගේ නෝනයි දෙන්නම ඇහැරන් ඉඳලා තියෙන්නේ. (ඔය ඉතින් වැරදියට මනේ හිතන්නේ. ඇහැරිලා හිටියේ එයාලගේ පොඩි බබා උදේ පාන්දර ඇහැරෙන හින්ද මිසක් උඹලා හිතන වෙන වල් සීන් එහෙකට නෙවෙයි).
දොරට තට්ටු කරළා කට්ටියව ඇහැරවපු අපේ කතා නායකයා හිමින් සැරේ යන්න හදනකොට රුවන් ආපහු කතා කරල “මචං උඹ යනවද” කියල අහලා. බුද්ධිකයා “ඔව්” කියලා යන්න යනකොට රුවනා ආයෙත් “වරෙන් වරෙන්” කියලා බුද්ධිකයව ගෙන්නගෙන. ඒ වෙනකොට දොරත් හිමිහිට අඩවල් කරපු රුවනා සරම කරට අරන් හොඳ ඩාන්ස් එකක් දාලා පෙන්නලා බුද්ධිකයට. ඔන්න එතකොට තමයි අරූට මොකක්ද සිද්ද වුනේ කියලා මීටර් වෙලා තියෙන්නේ. ඔන්න ඔහොමයි අප්‍රේල් පලවෙනිදා අනුන්ට ලණු දෙන්න ලෑස්ති වෙලා හිටපු එකා උදේ පාන්දරම අමුවටම ලණුව කෑවේ. ඊයේ දවසෙම අපේ කතාවට මාතෘකාව මේ ඔය සිද්ධිය. පොරම කියනවා ගිහිල්ලා නිදා ගන්න හදන කොටත් පොරටම හිනා යනවාලු මේ සිද්දිය මතක් වෙලා. මිනිහට හිතාගන්න බැහැලු කොහොමද මේ ලණුව උදේ පාන්දරම ගිල්ලේ කියලා.පොර දවස තිස්සේ බයිට් එකට සෙට් වුනා ඔය සිද්ධිය හින්දා. පොරත් හිනාවෙලා හිටියා මිසක් රණ්ඩුවට ආවේ නෑ. හැබැයි හවස් වරුවේ හෙමින් සැරේ කියලා රුවනට කියලා තිබ්බා තවත් ඌව බයිට් එකට ගන්න එපා කියලා.ඔන්න ඔහොමයි මේ කතාව ඉවර වුනේ. යන්තම් කතාව ලියලා ඉවර කරගත්තා බර්ටියට වෙච්ච දේවල් අමතක වෙන්න කලින්. අමතක වුනොත් එහෙම කතාවේ රසය නැතුව යනවනේ ඉතින්.
No comments:
Post a Comment