මේ කියන කතාව සිද්ධිය වෙලා වැඩි කාලයක් නෑ. බර්ටියට මතක විදිහට ගිය අවුරුද්දේ වගේ තමයි සිද්ධ වුනේ. අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා ගමයා කියලා (හරි හරි 1500 දුවපු එකා තමයි). පොරගේ නෝනගේ මාමා කෙනෙක්ද නොනගේ තාත්තද මන්දා (හරියටම මතක නෑ අප්පා) නැතිවුනා කියලා අපේ වවුලා කොල් කරලා කිව්වා. මළ ගෙදර තිබ්බේ පානදුරේ. කට්ටියම රෑ ජාමෙක මළ ගෙදර යන්න කතා වුනා මොකද පහුවදාට කට්ටියටම රස්සාවලට යන්න තියෙන හන්දා. කට්ටියම කිව්වට අන්තිමට පහක් හයක් වගේ තමයි හිටියේ. කට්ටිය පොකයගේ වෑන් එකේ යන්න තමයි තීරණය කරලා තිබ්බේ. මට මතක විදිහට වවුලයි, ජනිත් මල්ලියි, පොකයයි, මළකඩයයි හා බර්ටියා ඇතුළු සෙට් එක තමයි ගමන ගියේ. සමීර හරි අමිල හරි ගියාද කියලා කියන්න මතක නෑ.
ඔන්න ඉතින් කට්ටිය යක්කලින් ගමන ආරම්භ කරලා කයියකුත් දාගෙන යනකොට වවුලා හිමින් සැරේ වයින් බෝතලයක් ඇදලා ගත්තා. බර්ටියා වැඩිය වයින් වලට කැමති නැති වුනාට අවස්තාවක් අහුවුනොත් නොබී අත අරින්නෙත් නෑ ඉතින්. වයින් බෝතලේත් පොරොප්පේ පිටින්ම විරාජමාන වෙනවා. කවුරු හරි ඒක අරින්න සෙල්ලම් දාලා තිබ්බට පොරොප්පේ ඇරගන්න බැරිවෙලා. ඒක හින්දා බෝතලේ පොරොප්පෙත් පොඩ්ඩක් පල්ලෙහාට බැහැලා තමයි තිබ්බේ.
ඒ අස්සේ වවුලා පොඩි පිහියක් දික්කලා. ඒකේ තිබ්බා වයින් බෝතලේ අරින්න ගන්න ඉස්කුරුප්පුවක් තිබ්බා. බර්ටියත් ඉතින් වයින් බෝතලේ අරන් ඉස්කුරුප්පුව දාලා අරින්න බැලුවා. ම්හු හරියන්නේ නෑ. පොරොප්පේ කැඩෙනවා විතරයි. ඒ පාර බෝතලේ ගියා මළකඩයා අතට. හරි ගියේ නෑ. ඊළඟට ජනිත් මල්ලි. නෝ චාන්ස්. ආයේ වවුලා ඒක ඉල්ල ගත්තා. හරි ගියේ නෑ. ආපහු බෝතලේ බර්ටියා ගාවට. දැන් අපි කඩවතින් හයිවේ එකක දාලා හැටට හැටේ යනවා. දන්න සෙල්ලම් ඔක්කොම දාලාත් පොරොප්පේ ගලෝ ගන්න බැරිවුනා තාමත්. ඒ මදිවට ඉස්කුරුප්පු කටුවත් ඇදවෙලා ගිහිල්ලා. දැන්නම් ඒකෙන් කොහොමටවත් පොරොප්පේ ගලවන්න බෑ. ඒක කෑලී වලට කැඩි කැඩී යනවා.
අම්මෝ ඒ වේලාවේ දැනුන සතුට. මේ දවස් වල බෝතලයක් සෙට්වුනොත් දැනෙන්නෙත් ඒ සතුටම තමයි ඉතින්. බෝතලේ බර්ටියා අතින් මළකඩයා අතට මළකඩයා අතින් වවුලා අතට. වවුලා නම් ෂොට් දෙකද කොහෙද ගැහුවේ එපා කිව්වා. වයින් ටික අපි දෙන්නා අතර මාරුවෙන් මාරුවට වාෂ්පශීලී මුලද්‍රව්‍යයක් වගේ අතුරුදහන් වෙලා ගියා.
ඔය අවු අස්සේ අපි බණ්ඩාරගමින් දාලා පානදුරේ පැත්තට සම්ප්‍රාත්තවෙලා හිටියේ. ඊළඟට මළ ගෙදර යන්න පාර හොයාගන්න ඕන. මළ ගෙවල් දෙකක් එක ළඟ. එකක් අපි යන්න ඕන එක. කට්ටියට මතකද දන්නේ නෑ අර ගායිවක්ද කොහොද කතුරකින් ඇනලා මරලා දාලා තිබ්බේ. අනිත් මළ ගෙදර එහෙ. කොහොම හරි අපි අවුලක් නැතුව පාර හොයාගෙන අපි යන්න ඕන මළ ගෙදරට ගියා.
පොඩි ප්‍රශ්නෙකට තිබ්බේ තමා මිනිය ගෙනල්ලා නැති එක. අපි ඉතින් පැත්තකට වෙලා වාඩිවෙලා ගමයවත් අල්ලගෙන පොඩි අල වැට් එකකට සෙට් වුනා. අවුල කියන්නේ ගායිකාවගේ මළ ගෙදර යන්න ඕන සෙනඟ මෙහේ එනවා. මෙහෙට එන්න ඕන සෙනඟ එහේ යනවා. මළ ජංජාලයයි. ඔය අස්සේ අපිට රෑ කෑමටත් කතා කලා. අපිත් බැහැයි කිය කිය ගියා කෑම බෙදලා තියෙන තැනට. අපිට කන්න කිසිම බැරි කමක් තිබ්බේ නෑ. බොරුවට සෝබනේ දාන්න එපැයි ඉතින්.
ඔය මිනිස්සු අපේ දිහා බැලුවට අපි සැලෙනවද සහෝදරවරුනි. කොහෙත්ම ඔහේ නෑ. අපේ කෑම අපි කාලා ඉවර කලා. කොහොමත් කෑම මේසේ තිබ්බ ඒවයින් සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. ආයේ එළියට ගිහිල්ලා කෝපි එකකුත් බීලා ගමයවත් බයිට් එකට අරන් පාන්දර එකට විතර අපි එන්න ආවා. නෑ නෑ එනකොට බොන්න වයින් තිබ්බේ නෑ. බාර් වහලා නිසා වෙන මොකුත් ගන්නත් බැරිවුනා.
ජිවිතය යනු අත්දැකීම් සමුදායක එකතුවකි. සතුට, සැප, දුක, වේදනාව, කළකිරීම යන සෑම දෙයකම එකතුවකි ජිවිිතය. මෙය මගේ ජීවන ගමන තුළ මා අත්දැකි සිදුවීම් සමුදායක එකතුවක් ලෙස දැක්විය හැක. එනමුත් මෙහි ඇත්තේ මාගේ අත්දැකීම් පමණක්ම නොවෙයි. මෙහි මාගේ නිර්මාණද අඩංගුයි. මෙම බ්ලොගය කියවීමෙන් ඔබ යම් සතුටක් ලබයි නම් එයයි මගේ සතුට. මෙහි ජිවිතයට එක කරගත හැකි එක් දෙයක් හෝ තිබේයැයි ඔබ සිතන්නේ නම් එයත් මගේ සතුටකි. කියවන ඔබට බෙහෙවින්ම ස්තුතියි. යන එක කට්ටිය වෙලාවක් තියෙනවා ගුණ දොස් කියලම යන්න.
ලේබලුත් ගැහුවා
- අඳුරේ දඩයක්කරු (25)
- කෙටි කතා (3)
- ගුරු වෘත්තිය (4)
- චාරිකා (9)
- දැනුම (9)
- නිසදැස් (17)
- නිහාරා (2)
වයින් බෝතලය
Location:
Yakkala, Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Post a Comment