මැයි මාසේ දෙවෙනි බ්ලොග් සටහනත් අරගෙන බර්ටියා ආවා. මේ දවස් වල ඉස්කෝලේ නිවාඩු නිසා ගෙදරට වෙලා ඉන්න නිසා සටහනක් දෙකක් ලියන්න අවස්තාවක් ලැබුණා. බර්ටියා මීට කලිනුත් බේබදු කතාවක් ලියලා තිබ්බා. මේකත් ඒ වගේ කතාවක්. බර්ටියා බයක් නැතුව නිතරම සෙට් වෙන දෙන්නෙක් ඉන්නවා. එකෙක් මලිතයා. අනිකා බටයා. බටයා නම් මේ දවස් වල ට්‍රම්ප්ට පාන අල්ලන්න ගිහිල්ලා ඉන්න නිසා සෙට් වෙන්න වෙන්නේ අවුරුද්දකට සැරයක් වගේ. මේ බේබද්දෝ එක්ක ඉන්නවා බයිට් එක ඩයට් එක කරගත්ත අමද්‍යප බුවෙකුත්. ඒ තමයි අපේ මුට්ටියා.
මේ කියන දවස සෙනසුරාදා දවසක්. කලින් ඉදන්ම සෙට්විල්ලක් ගැන අපි සෙට් එක කතා වෙලා හිටියට වැඩේ ස්ථිර වෙලා තිබ්බේ නෑ. මේ කියන දවසේ උදේම බටයා කෝල් එකක් දීලා කිව්වා මලිතයා හවසට අසනීප වෙනවා කියලා. බර්ටියාටයි මුට්ටියටයි මලිතයගේ ගෙවල් පැත්තට එන්න කිව්වා දෙකට විතර. දැන් කට්ටිය බලයි අසනීප එකාට බොන්න පුළුවන්ද නැත්නම් කල් ඇතුව අසනීප වෙනවා කියලා කියන්න පර චින්ත විජාරන ඥානය තියෙනවද කියලා. එහෙම සීන් එකක් නෑ. එකේ තේරුම මලිතයා හවස කරන්න තියෙන ක්ලාස් ටික සේරම කැන්සල් කරලා බොන්න සෙට් වෙනවා කියන එක. ඒක තමයි සාමාන්‍යයෙන් අසනීප වෙනවා කියන එකේ තේරුම. බර්ටියත් ඔහොම අසනීප වෙන වෙලාවල් නැතුව නෙවෙයි.
බර්ටියට මතක විදිහට බටයා ඉන්දියාවේ ගිහිල්ලා එනකොට අරගෙන ආව බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලයක් තිබ්බා අපේ වැඩේට. අපි සෙට් එක මීට කලින් කවදාවත් ඔය බ්‍රෑන්ඩ් එක ගහලා තිබ්බෙත් නෑ. ඒ නිසා ඕක ටෙස්ට් කරලා බලන්න මාර ආසාවක් තිබ්බේ. ඇත්තටම සුපිරිම බීමක් තමයි ඒක. අපි තුන්දෙනාට කිසිම අවුලක් නැතුව විස්කි ලීටරයක් ගහනවා. වෙරි මුකුත් නෑ. ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ 750 ml බෝතලේ එක පාර ගහලා ඉවර කරන්න බැරිවුනා අපිට කිසිදවසක.
ඒ දවස් වල ගබඩාව තිබ්බේ බර්ටියගේ අල්මාරියේ. ඒ කාලේ ඕක ඇතුලේ අනිවා බෝතලයක් තිබ්බා. ඔය ටික අම්මට අහුවෙන්න නොදි බොහොම අමාරුවනේ හන්ගලා තිබ්බේ. බර්ටියත් දහයට එකොළහට විතර ලෑස්ති වෙලා පාරට බැස්සා. මුට්ටියාටත් කෝල් එකක් දීලා ඒකටත් එන්න කියලා බර්ටියා කොට්ටේ මලිතයගේ ගෙදරට ගියා.
අපි තුන්දෙනාට බෝතලේ හුටස් ගාලා නවලා ඉවර කරන පුරුද්දක් තිබ්බේ නෑ. අපි බිව්වේ අපිට ආතල් එක ගන්න. මොනවා හරි පරණ දෙයක් කතා කර කර හෙමින් සැරේ අපේ වැඩේ අපි අරගෙන යනවා. පෙරේතකමට බොන පුරුද්දක් අපි අතර තිබ්බේ නෑ.
මේ කියන දවසෙත් සුපුරුදු විදිහට අපි හතරදෙනා කයිවාරුවක් ගහගෙන බෝතලේ ගහනවා. මුලින් වෙනදා වගේ වැඩේ සරලව ෂේප් එකේ ගලාගෙන ගියා. ඒත් වැඩිවෙලා ගියේ ඔපරේෂන් බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ වේගය අඩු වෙලා ගියා. අපි තුන්දෙනාට කර්පට් වෙන්න වැදිලා ඒ වෙනකොට. මුට්ටියා නම් සුපුරුදු පරිදි රට කජු ඇටයක් හප හපා හිනා වෙවි ඉන්නවා.
අපි තුන්දෙනාට කිසිම අවුලක් නැතුව විස්කි ලීටරයක් ගහනවා. වෙරි මුකුත් නෑ. ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ 750 ml බෝතලේ එක පාර ගහලා ඉවර කරන්න බැරිවුනා. ඒක නම් මාරම බීමක් තමයි. වෙනදා කිසි ගාණක් නැතුව ලීටරේ ඉවර කරන අපිව බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලේ කෝචොක් එක දානවා. ඔන්න බලන්න ඒකෙත් හැටි. දැන් කරන්න දෙයක් නෑ. අපි ගෙවල් වලට යන්නත් එපායැ. ඒ නිසා අපි තීරණය කළා වැඩේ මෙතනින් නවත්තන්න. දැන් වෙලාව රෑ 9.00 ට විතර ඇති.
මලිතයටයි ලාංකිටයි බායි කියලා අපි තුන්දෙනා වාහනේට නැග්ගා. දැන් ඉතින් පාර්ලිමන්ට් ජෝක්ස් පැත්තෙන් දාලා යන්න තියෙන්නේ. අපි තුන්දෙනා ටිකක් දුර යනකොට බටයා කියනවා මට අමාරුයි බන් කියලා. මෙහෙම කියලා බටයා ටික දුරක් ගිහල්ලා පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක ගාව නැවත්තුවා, “මෙතන ටිකක් ඉදලා යමු” කියලා. අපි තුන්දෙනාම පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට බැහැලා වාඩි වුනා. බර්ටියටත් කෙළින් ඉන්නම බැරි කමට පෙරේතයා පොළොවේ ගැහුවා වගේ ග්‍රවුන්ඩ් එකේ බිම දිගා වෙලා අහස දිහා බලන් ඉන්නවා. පොඩ්ඩකින් බටයයි මුට්ටියයිත් බිම.
මුට්ටියා නම් බිව්වේ නෑ. ඒකා නම් නිකම් බිම දිගා වුනේ. බටයට ඇරෙන්න අපි දෙන්නටම ලැයිසොන් නෑ. ඒක නිසා බටයා සෙට්ල් වෙනකම් අපිට යන්න විදිහක් නෑ. අපි තුන්දෙනා අහස දිහා බලාගෙන චැට් එකකුත් දාගෙන අහසේ තරු ගනිනවා.
ඔහොම ඉන්එන අස්සේ එකපාරටම බටයා නැගිට්ටා. “මට දුවන්න ඕන බන්” කිව්ව මේකා පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් වටේ දුවන්න ගත්තා. මේකා මොන මඟුලක දුවයිද දන්නෙත් නෑ. බර්ටියත් නැගිටගන්න බෑ. බර්ටියා මුට්ටියට කිව්වා “මචං මට නම් නැගිට ගන්න බෑ. උඹ පොඩ්ඩක් බලපන් මේකා කොහොද දුවන්නේ” කියලා. මුට්ටියත් කෙලින් වෙලා බලාගෙන හිටියා බටයා නටන්න හදන නාඩගම මොකක්ද කියලා. අවුලක් නෑ. ටිකක් වෙලා දුවපු මේකා ආපහු අපි ගාවට ආවා. ඇවිල්ලා කියනවා “දැන් හරි බන්” කියලා. ඔහොම තව පොඩ්ඩක් වෙලා හිටපු අපි තුන්දෙනා ආපහු වාහනේට නැග්ගා ගෙදර යන්න බලාගෙන.
ඒ යන අතර වෙන මුකුත් අකරතැබ්බ නම් වුනේ නෑ. මග කොහෙන්ද නවත්තලා අයිස් ක්‍රීම් අරගෙන කෑවා තව ටිකක් වෙරි බස්ස ගන්න. කොහොම හරි අපි කට්ටිය කරදරයක් නැතුව ගෙදර ගියා. බටයා ඉදලා හිටලා පිස්සු වැඩ කරනවා ඔය වගේ. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. අදට මේ ඇති. ටයිප් කරන්න කම්මැලියි අප්පා.
ජිවිතය යනු අත්දැකීම් සමුදායක එකතුවකි. සතුට, සැප, දුක, වේදනාව, කළකිරීම යන සෑම දෙයකම එකතුවකි ජිවිිතය. මෙය මගේ ජීවන ගමන තුළ මා අත්දැකි සිදුවීම් සමුදායක එකතුවක් ලෙස දැක්විය හැක. එනමුත් මෙහි ඇත්තේ මාගේ අත්දැකීම් පමණක්ම නොවෙයි. මෙහි මාගේ නිර්මාණද අඩංගුයි. මෙම බ්ලොගය කියවීමෙන් ඔබ යම් සතුටක් ලබයි නම් එයයි මගේ සතුට. මෙහි ජිවිතයට එක කරගත හැකි එක් දෙයක් හෝ තිබේයැයි ඔබ සිතන්නේ නම් එයත් මගේ සතුටකි. කියවන ඔබට බෙහෙවින්ම ස්තුතියි. යන එක කට්ටිය වෙලාවක් තියෙනවා ගුණ දොස් කියලම යන්න.
ලේබලුත් ගැහුවා
- අඳුරේ දඩයක්කරු (25)
- කෙටි කතා (3)
- ගුරු වෘත්තිය (4)
- චාරිකා (9)
- දැනුම (9)
- නිසදැස් (17)
- නිහාරා (2)
බේබදු කතා 2
Location:
Yakkala, Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment