ගිනි මැළය |
උයන කරන වැඩ වලට ඒ දෙන්නා පට්ට සපෝට් එකක් දුන්නේ. කකුළුවෝ ටික උයලා අරගෙන, පොඩි මාළු ටික බැදලා, ඒ ඇරණහම දවාලේ ගත්ත තඩි මාළුවා බාබකියු දාන එකේ වැඩ වලින් වැඩි හරියක් කලේ මේ දෙන්නා තමයි. රෑට කෑම උයන කටයුතු වලින් වැඩි හරියක් කරට අරන් කලේ පුයිමා කිව්වොත් ඒක වැරදි නෑ. අනිත් කට්ටිය පුලුවන් විදිහට සපෝට් එකක් දුන්නා. බාබකියු දාන්න ඕන කරන අඟුරු අපි අරන් ගිහිල්ලා තිබ්බා. ඒකට ඕන කරන තැටිය තිබ්බේ බෝට්ටුවේ. බෝට්ටුවේ වැඩ කළ අයියලා දෙන්නාගෙන් එක්කෙනෙක් ගානට වැල්ලේ තැනක් සෙට් කරලා මාළු ටික බාබකියු දාන්න පටන් ගත්තා. අරන් ගිහිල්ලා තිබ්බ බාබකියු සොස් එක ගාලා වැඩේ කරන කොට හොද සුවදක් එනවා. ඒ සුවදත් එක්ක කිසි අවුලක් නැතුව පාන් බාගයක් කන්න පුළුවන්.
අනිත් බෝට්ටුවේ අයියා මාළු ටික බදින්න ගත්තා. ඔය අස්සේ අපි පොඩි ගිනි මැළ කෑල්ලකුත් ගහගත්තා. වෙනදා කැලේ ඉන්න කොට ගහන එක වගේ ලොකු එකක් නෙමෙයි. අපිට කෑළෑ සත්තු ගැන බය වෙන්න දෙයක් තිබ්බේ නෑ බත්තලංගුන්ඩුවෙදි. අපේ කයිවාරු කාරයා කළුකුවෝ උයන්ම් කියලා ගත්තට අන්තිමට පොර පැත්තක් අල්ලන් නිදි. අර බොට්ටුවේ අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඒකත් හදලා ගත්තේ. කොහොමත් බත් කාලත් ඉවර වුනාට පස්සේ තමයි කකුළුවෝ එක උයලා ඉවර වුනේ. එහෙම කියලා ඒක ඉතුරු වුනේ නෑ. පහුවදා මලිතයයි කයිවාරුවයි ඒක ඉවර කලා එක කකුළුවෙක් ඉතුරු වෙන්නේ නැති වෙන්න.
කඳවුරු බිම |
ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපි ලොකු පොලිතින් එකක් වැල්ලේ එළලා එකේ සෙට් වෙන්න ලෑස්ති කලා. දැන් රෑ 8.00 විතර ඇති. ගිනි මැලයත් ඇවිලෙනවා. මහා එළියක් එකෙන් ආවේ නැතත් අපි අරන් ඇවිල්ලා තිබ්බා චාර් කරන බල්බ් වලින් අපිට ඇති තරම් එළිය තිබ්බා. අපි ඒවා දෙකක් එල්ලලා තිබ්බේ. පරණ අරක්කුත් අරන් අපේ වැඩේ පටන් ගත්තත් බර්ටියට එක ෂොට් එකෙන්ම පරණ අරක්කු එපා වුනා. ගත්ත ෂොට් එකේ ඉතුරු ටිකත් බිමට හලලා බර්ටියා මාළුවෙක් බඩට දාගෙන ෂේප් වුනා. වැඩේ දරුණුවටම නැතත් නැගලා ගියා. රෑට කාලා ටිකක් වෙලා ඉදලා 10.00 විතර බර්ටියා ෂේප් එකේ කුඩාරමකට රිංගුවා නින්දක් දාන්න කියලා හිතාගෙන.
අම්මෝ වැල්ලේ නිදියන එකත් සෙල්ලම් නෑ. කොදු අතපය ඔක්කොම රිදෙනවා. ඒ මදිවට යන එන පාරට වැලි තට්ටු ගණන් කූඩාරම ඇතුලේ. බෑග් එක ඔලුවට තියාගෙන බර්ටියා ඇතුලට වෙලා හිටියා. හරියට නින්ද ගියේ නැතත් නින්ද යනවා එනවා. බර්ටියා එක පාරක් ඇස් ඇරලා බලනකොට මලිතයත් ඇවිල්ලා බුදි. ඔය අස්සේ එළියෙන් සද්දේ ඇහෙනවා. අපේ පොට් එකට ගමේ පොරක් ඇවිල්ලා. අපේ එකෙක් පොරත් එක්කත් බොන්න සෙට්වෙලා. මිනිහා සින්දු කියනවා කියලා බෑගිරි ගහනවා මෙලෝ රහක් නෑ. ඒ අස්සේ මිනිහා මිනිහගේ පුරාජේරුවත් කියෝනවා. බලනකොට පොර මීගමුව පැත්තේ පොරක්. බර්ටියා ඊළග පාර ඇස් ඇරලා බලනකොට නිලූකයත් ඇවිල්ලා බුදි.
ආයි පාරක් බර්ටියා ඇහැරිලා වෙලාව බලනකොට දෙකට විතර ඇති. එලියේ සද්ද ඔක්කොම නැවතිලා. නින්ද යන්නෙත් නෑ. බර්ටියා ටොච් එකත් අරගෙන බොහොම අමාරුවෙන් එළියට රිංගුවා. ගිනි මැළයත් නිවිලා ගිහිල්ලා. සීතල සුලං පාරක් එනවා මුහුදු පැත්තේන්. අපේ එවුනුත් නිදි කුඩාරම් ඇතුලට වෙලා. කයිවාරු බුවා නම් අර පොලිතින් එක උඩම දොයි. බර්ටිය නින්ද යන්නෙත් නැති නිසා පොඩ්ඩක් මුහුද පැත්තට ඇවිදගෙන ගිහිල්ලා මග තිබ්බ ලී කොටයක් උඩට වෙලා අහස දිහා බලන් හිටියා. වැඩි වෙලා ඉන්නත් බෑ නිදිමත්ත් එනවා. ඔහොම ටිකක් වෙලා ඉදලා ආයෙමත් කූඩාරම ඇතුලට රිංගුවා.
නිදාගෙන ඉන්නකොට කූඩාරමේ රෙද්ද යටින් මොක්කුද මන්දා යනවා. සර්පයෝද දන්නේත් නෑ. බලනකොට පොඩි පොඩි සයිස් වල කකුළුවෝ වැල්ල අස්සෙන් රින්ගලා යනවා හතර අතේ. නූල් බදින්න වෙන වැඩ තමයි ඒවා. පහුවදා නිලූකයා ඉදන් කිව්වා රෑ වැල්ලේ කකුළුවෝ හිටියලු තවන් දාලා වගේ. අපරාදේ බර්ටියට ඒ සීන් එක බලා ගන්න බැරිව ගියා ඉතින්.
පාන්දර 4.30 විතර බර්ටියා ආයෙත් එළියට රිංගුවා අරක ඇතුලේ ඉන්න බැරිම තැන. ටික වෙලාවකින් මලිතයත් ඇවිල්ලා යමන් කිව්වා. බර්ටියත් ටෝච් එකත් අරන් ගියා වෙරළ පැත්තට. මෙහේ ඉතින් ටොයිලට් නෑනේ. උදේ පොළොවට එළියට වැටෙන්න කළින් අත්‍යාවශ්‍ය රාජකාරි ඉවර කරගන්නත් ඕනනේ. තරමක් එහාට වෙන්න පදුරු සහිත ප්‍රදේශයකට ස්ථාන ගත වෙච්ච අපි දෙන්නා ඒ කටයුත්තත් ඉවර කරගෙන මුහුදට බැස්සා ඔපරේශන් එකේ දෙවෙනි කොටස සිද්ධ කරගන්න. ඒ වේලාවේ දැනුන සැහැල්ලුව නම් කියලා නිම කරන්න බෑ. මතක තියාගන්න මුහුදු වතුරෙන් හොදන කොට පරෙස්සම් වෙන්න. වැඩේ ගානට සෙට් වුනේ නැත්නම් වැල්ලෙන් තමයි හෝදන්න වෙන්නේ.
ආපහු හැරේන් ........ |
හය විතර වෙනකොට එකා දෙන්නා නැගිටින්න ගත්තා. වැඩ ගොඩක් තියෙනවා ඉවර කර ගන්න. උදේට කන්න හදන්නත් ඕන. කෑම්ප් එක අස්කරන්නත් ඕන. අපිට යන වෙලාව ගැන ගැටළුවක් තිබ්බේ නෑ අපි බොට්ටුවක් හයර් එකට අරන් තිබ්බ නිසා. මේ වෙනකොට අපි ගෙනාව වතුර ඔක්කොම ඉවර වෙලා තිබ්බේ. යන්තම් උයන්න විතරයි වතුර ඉතුරු වෙලා තිබ්බේ. මොනා නැතත් අපි ගෙනාපු එක බෝතලයකුයි සෝඩා ලීටරේ බෝතල් 4 කුයි ස්ප්‍රයිට් බෝතල් 2 කුයි ඉතිරි වෙලා තිබ්බා. අපි ඉතින් උදේට දත් මැදලා සෝඩා වලින් තමයි මූණ කට හෝදා ගත්තේ.
ඔය වැඩ ටික ඉවර කරලා අපි පුයිමලා උයද්දී අපි කූඩාරම් ටික ගලවන්න ගත්තා. ඒවා ගලවන එක නම් ගේමක් නෙමෙයිග ඒත ඒවා පැක් කරලා අර පුංචි ඒවා දාලා තිබ්බ මල්ලට දාන්න පුළුවන් වෙන සයිස් එකට නමාගන්න එක නම් පට්ටම ගේමක්. අම්මෝ ඒකට විදපු දුකක්. සමහර කූඩාරම් දෙතුන් සැරය දිගඇරලා ආපහු නවන්න සිද්ධවුනා බෑග් වලට දාගන්න පුළුවන් වෙනකම්.
ඔය වැඩ අස්සේ අර ගමේ බුවා ආපහු ඇවිල්ලා හිටියා. පොර කියවනවා කියවනවා ඉවරයක් නෑ. පොරගේ ජීවිතේම එකම දුක් සීන් එකක්. ඇත්තටම මිනිස්සුන්ටත් වෙන දේවල්. පොර එක්තරා දවසක පොරගේ ගෑනීව දාලා ඇවිල්ලා වෙන ගෑනියෙක්ට සෙට්වෙලා. මිනිහා ඒ ගෑනිත් එක්ක එකතුවෙලා හොදට හම්බකරලා. යාන වාහන ඉඩම් කඩම් හැමදෙයක්ම අරගෙන. අන්තිමට ඒවා ඔක්කොම අර ගෑණියි ළමයිනුයි අරන් පොරව අත ඇරලා දාලා. මිනිහා මෙහේ ඇවිල්ලා ආයේ මාළු අල්ලනවා. මිනිහගෙන් තමයි සමහර විස්තර දැනගත්තේ දූපත ගැන.
බෝට්ටුවට නගින ගමන් |
මේ දූපත අයිති වෙන්නේ මීගමුව චන්ද බල ප්‍රදේශයට. විශ්වාස කරහන්කෝ ඉතින්. අපිත් මුලදී විශ්වාස කළේ නෑ. ඒ වගේම දූපතේ සියලුව ඡන්දේ වැටෙන්නේ මීගමුවේ නම ගිය කුඩු ගෙන්නන පොරකට කිව්වහමත් විශ්වාස නැතුව ගියා. සමහර විට ඒවා එන්නෙත් මේ හරහා වෙන්න පුළුවන් ඉතින්. පහුගිය කාලේ සම්පූර්ණ දූපතම හෝටලයක පවරාගන්නවා කියලා කතාවකුත් තිබ්බලු. ඒ වෙනකොට නම් ඒ කතාව යට ගිහිල්ලා තිබ්බේ. කොයිම වෙලාවක හරි ඒක ආයෙත් එන්න පුළුවන් ඉතින්.
උදේටයි දවල්ටයි දෙකටම අපි නූඩ්ල්ස් හැදුවා. නූඩ්ල්ස් මදිවෙයි කියලා හාල් ටිකකුත් ලිපේ තිබ්බා. මූද පැත්තෙන් එන හුළගත් එක්ක උයන වැඩේ කරන එක ලේසි වුනේ නෑ. බොට්ටුවේ අයියලා දෙන්නා මාර සපෝට් එකක් දුන්නා ඒ වෙලාවෙත්. ඊළගට අපි උදේට කෑවා. උදේට බොන්න තේ තිබ්බෙත් නෑ ඉතින්. ඔය වෙලාවේ තමයි මලිතයයි කයිවාරුවයි කකුළුවෝ ටික කාලා ඉවර කලේ. ආයේ මූදේ නාන්න හිතුනත් හොද වතුර ටිකක් හොයාගන්න සෑහෙන්න දුරක් යන්න වෙන නිසා ඒ අදහස අත ඇරලා දැම්මා හිතුන පරක්කුවටම.
කෑම කාලා ඉවර වෙලා අපි කූඩාරම් ගහලා තිබ්බ තැන සුද්ධ කරලා දැම්මා. අපි පස්සෙත් තව අය මෙතනක එනකොට ඒක පිළිවෙලට පිරිසිදුවට තියෙන්න ඕන නිසා. ඔය වැඩ ටික ඉවර කරන කොට එකොළහට විතර ඇති මතක විදිහට. අපි බඩු ටිකත් කරගහගෙන ගියා බෝට්ටුව නවත්තලා තිබ්බා තැනට. අර පොඩි ඉනිමං කෑල්ල දිගේ බොහොම බයෙන් බයෙන් නැගලා යන්තම් බෝට්ටුවට පය ගහගත්තා. බඩු ටික ඔක්කොම පටවලා අපේ සෙට් එකත් නැගගත්තා බොට්ටුවට.
දැන් ඉතින් ආයෙමත් පැය තුනක දිග ගමනක් කල්පිටිය බලා. නැංගුරමත් අරන් බෝට්ටුව ඇතුලට දාගත්ත අපි ගමන පටන් ගත්තා. වැඩි වෙලා ඉන්න නම් හම්බවුනේ නෑ එකා දෙන්නා බංකු උඩ නිදියන්න පටන් ගත්තා. බර්ටියත් ඇලට් එකක් දැම්මා. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා සෑහෙන වෙලාවකට පස්සේ ඈතින් කල්පිටිය වරාය පේන්න ගත්තා. අපි ටිකෙන් ටික ගමනේ අවසානය කිට්ටු වෙනවා. දුකකුත් දැනනෙවා ඉතින්. මේ ගමන අමතක නොවන ගමනක් වුනා අපි වින්ද චමත්කාරයත් එක්ක.
කල්පිටියේ වරායේ බෝට්ටුව නැංගුරුම් දැම්මට පස්සේ අපේ වාහන දෙකත් ඒ ළගටම ගෙනල්ලා බඩු ටික පටෝ ගත්තා. ඩොල්පින් වාඩිය බෝට්ටුවේ අයිතිකාරයාටයි අපිට උදව් කරපු අයියලා දෙන්නයි ස්තූති කරලා ගණදෙනුත් පියවපු අපි ආපහු එන්න පටන් ගත්තා ගම් බිම් බලා ආයෙත් පාරක් මේ වගේ ගමනක් යන බලාපොරොත්තුවෙන්.
|
|
|
No comments:
Post a Comment