ඉස්සෙල්ලාම යන ගමන් රන්ජා අඳුරන කාවද ත්‍රී වීල් එකට දා ගත්තා. ඊළඟට ගියේ මිනිහා අඳුරන නවගිරියාව වැවේ මාළු බාන මනුස්සයෙක් හම්බවෙන්න. මිනිහා හවස 7 ට විතර වැව පැත්තේ එනවා කිව්වා. ඉතුරු කට්ටිය හවස 5.30 විතර නවගිරියාවට ගියා. සෑහෙන දුරක් ගිහිල්ලා ගිහිල්ලා යන්තම නවගිරියාය වැවට ආවා අපි. පායන කාලේ නිසා වැව හිදිලා. ඒක නිසා වැවේ සෑහෙන දුරකට යන්න අපිට චාන්ස් එක ලැබුණා. ඒත් ලව් ගෙඩි වලින් බේරිලා පරිස්සමින් තමයි අඩිය තියන්න වුනේ. ලව් ගෙඩි කියන්නේ නිකම් කටු කටු තියෙන ගෙඩි ජාතියක්. ඒවා ටක් ගාලා අපේ ඇඳුම් වල පැටලෙනවා. ඇනුනොත් රිදෙනවා. පෑගුනොත් තුවාල වෙන්නත් පුළුවන්. අපේ කට්ටිය කොහොමත් 7 දෙනෙක් විතර හිටියා. මමයි ජුන්ඩයි මනයයි ඉන්දිකයි රන්ජයි රන්ජගේ යාළුවයි.වැව් පිටියට බැහැලා ටිකක් වෙලා කරකැවිලා අපි දර ටිකක් හොයන්න පටන් ගත්තා. මොකද අඳුර වැටෙන්න කළින් ගිනි මැලයක් ගහගන්න ඕන වෙන නිසා. අනික් එක අල්ලන මාළු ටික පුච්ච ගන්නත් එපායැ. ඔය කාරණා දෙකටම ගිනි මැලය වැදගත් වෙනවා. ඉතින් කට්ටිය වගේ කරකැවිලා දරත් එකතු කරගෙන ගලක් උඩට වෙල චැට් එකක් දාන්න ගත්තා. අඳුර වැටෙන කොට ගිනි මැලෙත් ගහගත්තා. මාළු අල්ලන බුවා දැල එහෙම ගහලා එන කොට 7.30 විතර වුනා. ඔය අතර කට්ටිය ගෙනාපු රට කජු, බයිට් පැකට් එක්ක V.S.O.A ගහන්න පටන් ගත්තා. බර්ටියා එක උගුරයි හලා ගත්තේ. ඒකෙන්ම බර්ටියාට තේරුණා වැඩේ හරියන්නේ නෑ කියලා. වීදුරුවේ තිබ්බ ඉතුරු බීම ටික හෙමින් සැරේ බිමට හලපු බර්ටියා සද්ද නැතුව හිටියා. ඔය අතර මලිතයත් ආවා තවත් කව්ද එක්ක. බර්ටියා කිව්වා වගේම මලිතයා V.S.O.A එකට අතවත් තිබ්බේ නෑ. ජුන්ඩනන් ගහනවා ගුදම වගේ. ඒ වෙලාවේ නම් ඒකට මාළු අල්ලන බුවා ගියා මාළු දැළ අදින්න. දැළ අරන් ඇවිල්ලා මාළු ටික ගලවලා සුද්ද කරලා මැලේ දාලා පිච්චුවා. ඇත්තටම පුච්චපු මාළු වල හොද රහක් තිබ්බා.
අපේ වැඩ සටහන කිසිම අවුලක් නැතුව නැගලා ගියා රෑ 10.00 විතර වෙනකම්. මලිතයා රන්ජවයි රන්ජගේ යාළුවාවයි අරන් ගියා ගොනාගොල්ලට අක්කලව අරන් එන්න. එතකොටත් ඒකට පරක්කු වැඩියි. මොකද ඒ පැත්තට ටිකක් එල්.ටී.ටී.යි. කේස් තිබ්බා ඒ දවස් වල. කට්ටිය අක්කලව බස්සලා ආපහු එනවයි කියලා ගියේ. කොහොමත් අපි රෑට කන්ඩ මහතුන් අයියලාගේ ගෙදර යන්න ඕන. ඒක කීයට හරි සිද්ධ වෙන්න ඕන මොකද මහතුන් අයියලා බලාගෙන ඉන්නවා කෑමත් නොකා අපි කට්ටිය එනකම්. පැයකට විතර පස්සේ රන්ජගේ යාළුවා නම් ආවා ත්‍රී වීල් එක අරන්. මලිතයා නැවතිලා. රන්ජා මඟ එනවා කිව්වා. දැන් කටිටියි බලන් ඉන්නවා රන්ජා එනකම් මේකා නෑ. ෆෝන් එකතු වැඩ නෑ මේකගේ. පස්සේ බැරිම තැන රෑ 12.30ට විතර අපි එන්න ආවා මූව මගදී වත් හම්බවේවි කියලා. මනයගේ ගෙදරටත් ආවා. ඒත් රන්ජා නෑ. පස්සේ රන්ජගේ යාළුවා ආයේ ගියා රන්ජව බලන්න. දැන් මලිතයගේ අක්කටත් මළ පැනලා. අක්කලා නම් මහතුන් අයියලගේ දිහා ගිහිල්ලා ඇවිල්ලා.තවත් බලන් ඉන්න බැරි නිසා අපි ගියා මහතුන් අයියලගේ ගෙදර. කොහොම හරි එහාට ගිහිල්ලා කෑම කනකොට පාන්දර 2.00 විතර ඇති. මනයා එහාට යනකොටත් ඉතුරු වෙච්ච V.S.O.A බෝතලයක් ගෙනිහිල්ලා. ජුන්ඩා අරක්කු එක්ක තරහක් ද මන්දා ඒකෙනුත් ගැහැවා. (පස්සෙයි අපි දැනගත්තේ ඒකා බීලා තියෙන්නේ බර්ටියයි මලිතයයි නොබීපු එකේ තරහට කියලා). අපි මහතුන් අයියලගේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා කෑම කනකොට අම්මට සිරි වෙන්න උලමා (යක් කුරුල්ලා) කෑ ගහනවා. උලමා කියන්නේ බකමුණු වර්ගයක් හරිම අඩු සංබ්‍යාවක් තමයි ඉන්නේ. ඒ වගේම උලමා ගැන පැහැදිලා විද්‍යාත්මක විස්තරයක් නෑ ගැමි කටකතා ජනශ්‍රැතියේ එන දේවල් ඇරෙන්න. එදා තමයි බර්ටියා උලමා කෑ ගහනවා ඉස්සෙල්ලාම ඇහුවේ. අම්මෝ ඔළුවේ ඉදන් කකුල් දෙකට යනකම්ම ඇඟ සීතල වෙලා යනවා ඒ මුසල සද්දේ ඇහුවහම. එච්චරටම අප්‍රසන්න සද්දයක් උලමගේ ඇඩිල්ල. සාමාන්‍ය ගැමි වහරේ උලමා කෑ ගහපුවහම මිනිහෙක් මැරෙනවා කියලා කතාවක් තියෙනවා. රන්ජනත් අතුරුදහන්වෙලා ඉතින් හිතාගන්න පුළුවන්නේ කට්ටියට අපිට හිතෙන දේවල්.
කාලා බීලා ඉවර වෙලා අපි ආපහු මනයගේ ගෙදරට ආවා. ඇවිල්ලා නිදාගන්නේ නැතුව කතා කර කර කර හිටියා මොකද නිදාගන්න තරම් හොද මානසික තත්වයක් අපිට තිබ්බේ නැති නිසා. ඔය අස්සේ ජුන්ඩට හොදට ඩොප්. ඒකා කණ සාක්කුවේ දාගෙන වමනේ දානවා. අන්තිමට වජිරාගෙන් දෙහි ගෙඩියක් ඉල්ලන් ජුන්ඩගේ ඔළුවේ අතුල්ලලා ඒකව ඇඳට දැම්මා. අනිත් පැත්තෙන් මලිතයගෙ අක්කා බනිනවා මලිතයට. වෙන කරන්න දෙයක් නැති නිසා, අපි හිතන් හිටියේ පාන්දරින් ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලන්න රන්ජනයා ඇක්සිඩන්ට්වත් වෙලාද කියලා. මේ අස්සේ රන්ජනගේ ගෙවල් පැත්තෙන් රන්ජගේ පවුල කෑ ගහන සද්දයක් ඇහෙනවා. "මුන් මගේ මිනිහව මුන් අරන් ගිහිල්ලා මරලා දැම්මද දන්නෙත් නෑ" අරකයි මේකයි. ඇයි උගේ අහවල් එක ගන්නනේ අපි. අනේ අම්මපා ගෑණුන්ටත් හිතෙන ගොන් කතා. අපි බොක්ක රත්වෙලා ඉන්නවා මේකා නැතුව, ගෑනි මඟුලක් කියවනවා. ටිකකින් රන්ජගේ යාළුවා (රන්ජගේ යාළුවා කිව්වට මේ මනුස්සයට අවුරුදු 60 ක් විතර වෙනවා) ආවා රන්ජගේ පවුලවත් ෂේප් කරලා. අපේ පපු වල නම් තාම බිත්තර තැම්බෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා අපි ටිකක් ඇල වුනා. උදේම නැගිට්ටා මොකද අක්කලා උදේම යන නිසා. මලිතයයි මනයයි ගිහිල්ලා අක්කලව බස් එකට දාලා ආවා. ඒ ආවට පස්සේ තමයි යන්තම් රන්ජා ගැන ආරංචියක් ලැබුනේ. බයික් එකේ තෙල් ඉවර වුනා කියලා මේකා පොලිස් චෙක් පොයින්ට් එකකට වෙලා නිදාගෙන. අපේ එවුන් නම් කියන්නේ මේකා කොහේ හරි කොටුවක් පැනලා කියලා.
කොහොම නමුත් කරදරයක් නැතුව ඒ ප්‍රශ්නෙ විසදුනා යන්තම්. අපිත් එදා හවස ආපහු යන්න හිතාගෙන හිටියේ. මනයලා අපිට උහනට ගෙනල්ලා දැම්මා. අනුරාධපුරේ ඉදලා අම්පාර යන ඩී. එස්. ගුණසේකර එකේ බස් එකට අපි හවස 5.30 ට විතර උහනින් නැග්ගා අම්පාරට යන්න.
මේ බස් එක අම්පාරට යනකොට තැන් දෙකක නවත්තලා චෙක් කරනවා ඒ දවස් වල. අපේ බෑග් චෙක් කරන නිසා බර්ටියා අර හිස් පතෙරාම් කොපුව කලිසමේ සාක්කුවක දාගෙන හිටයේ. බෑග් චෙක් කලාට අපිව අතගාලා චෙක් කරන්නේ නැති නිසා. පළවෙනි මුරපොලේ බස් එක නැවැත්තුවා. අපිත් බෑග් උස්සන් බැහැලා චෙක් කරන පොලීමේ යනවා. හමුදාවෙන් තමයි මේ චෙක් පොයින්ට් එකේ හිටියේ. බර්ටියාගේ බෑග් එක ඉස්සෙල්ලාම චෙක් කලා. ඊළගට හිටියේ ජුන්ඩා. ජුන්ඩගේ බෑග් එක චෙක් කරන කොට ඒකේ තිබ්බ උල් පිහිය මාට්ටු වුනා. පිහිය පෙන්නපු ආමි බුවා මේක මොකටද කියලා ඇහුමහම ජුන්ඩා ගත් කටටම කිව්වා පළතුරු කපන්න කියලා. අම්මට සිරි වෙන්න හමුදාවේ බුවත් පළතුරුම කපමු කියලා මේකට පෝලිමෙන් අයින් වෙලා ඉන්න කිව්වා. පිටි පස්සේ හිටපු මලිතයා ටක් ගාලා පැනලා අපි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අපි මේ research එකකට ගිහිල්ලා එන ගමන් කියලා යන්තම් ෂේප් එකක් දා ගත්තා.අම්මෝ බර්ටියගේ කලිසම් සාක්කුවේ තිබ්බ බුලට් කේස් එකත් අහුවුනා නම් එහෙම අපි තාම කූඩුවේ කූරු ගනිනවා. අනේ අම්මෝ. අම්පාරට ගිහිල්ලා කොළඹට එන්න තිබ්බ බස් එකට නැගලා වාඩිවෙන්න බැලුවා. කරුමේ කියන්නේ මුළු බස් එකේම ෂීට් බුක් කරලා. හිටගෙන තමයි යන්න වෙන්නේ. කොළඹට යනකම් හිටගෙන යන්න අපි මැෂින් යෑ. අඩු ගානේ එක ෂීට් එකක් හරි තිබ්බා නම් අපිට ගජේ ගහන් හරි යන්න තිබ්බා. බස් එකත් යන්න පිටත් වුනා. මලිතයා නාමල් ඔය හන්දියට ටිකට් අරන් ජයාටයි මනයටයි කෝල් කලා අපිව ගන්න නාමල් ඔයට එන්න කියලා. අපි නාමල් ඔයෙන් බැහැලා ටිකක් දුර යනෙකාට ජයයි මනයයි ආවා අපිව ගන්න. අපි මනයලගේ ගෙදරට ගිහිල්ලා කාලා නිදා ගත්තා.
උදේ නැගිටලා මුණ එහෙම හෝදගෙන මලිතයා මනයත් එක්ක ගියා අම්පාරට හවසට කොළඹ එන බස් එකේ ෂීට් බුක් කරන්න. නැත්නම් අදත් බස් එකේ ෂීට් බුක් වෙලා තිබ්බොත් අබ සරණයිනේ අපිට. ෂීට් බුක් කරලා නිසා අපි හවස 7.00 ට විතර නාමල් ඔයට ගිහිල්ලා එතනින් තමයි බස් එකට නැග්ගේ. මගදි කන්න කියලා වජිරා අපිට බත් පාර්සල් තුනකුත් බැදලා දුන්නා. බස් එක ආවේ මහියංගණය පැත්තෙන්. මඟ නවත්තපු කඩයකින් අපි බත් මුල තුනත් ලෙහාගෙන කාලා ආතල් එකේ නින්දකුත් දාගෙන කොළඹ ආවා. පාන්දර 4.30 විචර බර්ටියා ගෙවල් ගාව බස් හොල්ට් එකෙන් බැහැලා ගෙදර ඇවිල්ලා ආයෙත් ඇදට වැටිලා නින්දක් දා ගත්තා. ඔය විදිහට තමයි බර්ටියා ගිය හොදම ත්‍රාසජනක චාරිකාවක් අවසන් වුනේ.
No comments:
Post a Comment